පියුමි හංසමාලිගේ පෙත්සමට අභියාචනාධිකරණය දින දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් ගොනුකර ඇති පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ජුලි 15 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

ඇය සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ තමන්ට එරෙහිව විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් ය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩාමූස් රීට් ආඥාවක් වගඋත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙසත්, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ ගොනුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරන ලෙසත්, නීති විරෝධී වත්කම් විමර්ශනයට අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශන සිදුකරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා, පැමිණිලිකාර සංජීව මහවත්ත ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ විරෝධී සම්මුතියට අත්සන් තබයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය සතියේ වියට්නාමයේ...

යෝධ කුකුළෙක් මෙන්ම වෝල්නට්ස් තලන වැඩිහිටියෙක් දක්වා; අද්විතීය වීදි කලාවට තවත් නිර්මාණ පොකුරක්!

සටහන – පුලී නොවැම්බර් 03, කොළඹ (LNW): කොන්ක්‍රීට් මංතීරුවක සිටින...

ශ්‍රී ලංකාව Beautyworld Middle East 2025 තරඟාවලියට..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : 2025 ඔක්තෝබර් 27...

ගෝලීය අවදානම්වලට වඩා කිම් කාර්ඩැෂියන් ලොකු විච්ච නාසා ආයතනය!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 03, ලෝකය (LNW): විද්‍යා ක්ෂේත්‍රයේ නොවන පුද්ගලයෙක්...