පියුමි හංසමාලිගේ පෙත්සමට අභියාචනාධිකරණය දින දෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් ගොනුකර ඇති පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ජුලි 15 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

ඇය සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ තමන්ට එරෙහිව විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් ය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩාමූස් රීට් ආඥාවක් වගඋත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙසත්, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ ගොනුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරන ලෙසත්, නීති විරෝධී වත්කම් විමර්ශනයට අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශන සිදුකරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා, පැමිණිලිකාර සංජීව මහවත්ත ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...