*
Friday, September 20, 2024
spot_img

Latest Posts

නිර්පාක්ෂික අරගලයේ පිය පදවිය ජවිපෙට ද? පෙරටුගාමීන්ට ද?

ඉකුත් 09 දායින් පසුව රටේ නීතියක් ක්‍රියාත්මක වන්නේ නැත.එය ගාලු මුවදොර අරගල කරුවන් සිය`තට ගෙන තිබේ.මේ අතර ගාලුමුවදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කලා සංගමය ආදී සංවිධාන අරගලයෙහි සිටින බව ඔහු පවසයි.නමුත් මෙම නීතිය බිඳ වැටීම ගැන පෙරටුගාමි සමාජවාදී පක්ෂ නායක කුමාර් ගුණරත්නම් පවසනුයේ”අරගලකරුවන් තමයි නීතිය” යනුවෙනි.ඔහු ඉන් අවධාරණය කරනුයේ අරගලයේ නියමුවන් පෙරටුගාමී පක්ෂ සාමාජිකයන් බවකි.පක්ෂ දෙකකින් මෙසේ දෙයාකාරයක හඬවල් නැඟුණ ද ජනතාව මෙතෙක් මෙය දුටුවේ කිසිදු පක්ෂයකට ගැති නොවූ නිර්පාක්ෂික අරගලයක් ලෙස ය.නො එසේනම් විවිධ දේශපාලන මති මතාන්දර දරන සහ එසේ නොමැති යොවුන් පෙළ වත්මන් දුර්දාන්ත පාලකයන්ට එරෙහිව දියත් ක කළ දේදුණු අරගලයක් ලෙස ය.මෙය පසුකාලීන සියලු අරගල වලට වඩා සොඳුරු සුන්දර ස්වභාවයක් ගත්තේ එබැවිනි.

මේ අතර නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම වෙනුවෙන් මේ සතියේ නාම යෝජනා බාරදීමට නියමිත ය.ලබන 20 වන දා ඒ නව ජනපති පත් වෙයි. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (13) ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන නිසා ය. ඉකුත් 09 දා සිට රට අරාජිකත්වයකට පත් ව තිබේ.පොලීසිය, හමුදාව ආයුධ අතැතිව අරගලකරුවන් කරන කියන දේ දෙස බලා සිටිනවා විනා කිසිදු පියවරක් ගන්නේ නැත. එයින් පැහැදිලි වන්නේ රටේ නීතියක් නැති බව ය.නීතියක් තිබේ නම් ජනාධිපති මන්දිරයේ සිටිනා පිරිස්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටිනා පිරිස්, අරලියගහ මන්දිරියේ සිටින පිරිස් මේ වන විට ඉවත් කර තිබිය යුතු ය.ඒ මන්ද මේවා රාජ්‍ය දේපල බැවිනි. රාජ්‍ය දේපලවල අයිතිය ඇත්තේ රජයට මිසක් මහජනතාවට නොවේ.

රජය යනු ආණ්ඩුව නොව රටේ පරිපාලනය ය. ජනතාවට මෙවැනි දේ දැක බලාගත හැක්කේ රාජ්‍ය අනුග්‍රහය යටතේ පමණි. ජනතා පරමාධිපත්‍යය යනු ජනතාව ගොස් ඒවා අත්පත් කර ගැනීම නොව ජනතාව විසින් නම් කරන පිරිසක් යටතේ ඒවා රැක බලා ගැනීම ය.නමුත් නීතිය ක්‍රියාත්මක නොවන අරාජික වූ රාජ්‍යයක එවැනි දේ සිදු නොවේ. කැමැති කෙනෙකුට ඒවා අත්පත් කර ගැනීමේ හැකියාව පවතියි. එය බරපතල තත්ත්වයකි. එසේම ජනතා අවශ්‍යතාවය ලෙස පෙන්වා දෙමින් අරගලකරුවන් අතර සිටින ප්‍රධාන කණ්ඩායමක් වන පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරන්නේ ඔවුන් ගේ රූකඩ ලෙස දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා ඉවතට ඇද දැමීමට කටයුතු කළ යුතු බවකි.

ජනතා විමුක්ති පෙරමුණ පවසනුයේ පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහගත කළ යුතු බවකි.ඔවුන් පවසන අන්දමට මෙම අරගලය තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසකගේ කටයුත්තක් නම් වහා රටේ නීතියට අවනත වන ලෙස තම අනුගාමිකයන්ට කිව යුතු ය.එසේ නොකොට ඔවුන් මේ වන විටත් රටේ නීතිය සියතට ගැනීම 1971 සහ 1988″සියඹලාණ්ඩු “කතාව සිහි ගන්වන ඉතාම බරපතල කාරණයකි. ජනතාව වසර පහක කාලයකට රට පාලනය කරන්නට පිරිසකට බාර දුන්නේ නම් එය ඉවත් කිරීමේ බලය පවතින්නේ ඊළග මැතිවරණයකින් පමණකි. එතෙක්, ඔවුන්ට රට විනාශ කිරීමට දී බලා සිටිය යුතුදැයි කෙනෙකු ප්‍රශ්න කළ හැක. එසේ නොවිය යුතු ය. පාර්ලිමේන්තුවේ විපක්ෂයක් පවතින්නේ පාලක කණ්ඩායම පිස්සු නටන්නේ නම් එය පාලනය කිරීමට ය.

නමුත් අද ඇතිව තිබෙන මේ තත්ත්වයට ප්‍රධානතම හේතුව වන්නේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද පිස්සු නැටීම ය.ආණ්ඩුවත් විපක්ෂයත් ජනතා පැතුම් ඉටු නොකරද්දී පාර්ලිමේන්තුවෙන් පිටත සිටි තරුණ කණ්ඩායමක් ජනතාව අරගලයක් දක්වා ගෙනයාමට කටයුතු කළහ. එහි වත්මන් ප්‍රතිඵලය වී ඇත්තේ රට අරාජික වීමය. රාජ්‍ය දේපල විනාශ නොකරන ලෙස අරගලකරුවන් දැන්වීම් අලවා තිබුණත් පැමිණෙන පිරිස් ජනාධිපති මන්දිරයේ දේපොලවලට හානි කර තිබේ. ජනාධිපති කාර්යාලයේ දේපොල වලට හානි කර තිබේ. අරලියගහ මන්දිරයේ දේපොලවලට හානි කර තිබේ.ඒවා පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට කිසිවෙක් නැත.

අලුත්ම තර්කය වන්නේ අරගලයක දී එය සාමාන්‍ය දෙයක් ය යනුවෙනි. රුසියන් විප්ලවයේදී සාර් රජු ඇතුළු පිරිස මරා දැම්මා පමණක් නොව ඔහුගේ බල්ලා පවා මරා දැම්මා කියා මෙය සාමාන්‍ය දෙයක් බවට ජනතා හිස මත පතිත කිරීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටිති. අරගලයේ ක්‍රියාකාරකම් අශුද්ධ වුවත් අරගලයේ අරමුණ ශුද්ධ බැවින් අවශේෂ කාරණා ගැන නොසිතිය යුතු බව කියමින් මෙය සාධාරණීකරණය කිරීමට පිරිසක් පවසමින් සිටිති.

ලංකා ඉතිහාසය පුරා අරගලවලින් ජයග්‍රහණ අත්පත් කර ගෙන නැති අතර යුද්ධයන්ගෙන් ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබේ. කෙසේ නමුත් රුසියාව, ප්‍රංශය වැනි රටවලට වඩා මෙරට ජනතා සිතුම් පැතුම් වෙනස් ය.ඒවා අප රටට ආදේශ කළ නොහැක එම නිසා අරගලයේ දිසානතිය ගැන තමත් කිව නොහැකිය. අරමුණක් නොමැති අරගලයක් දියත් වූ බව පමණක් මේ වන විට පෙනෙන්ට තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය අරගලයේ පුස්තකාලය බවට පරිවර්තනය කරනා බව අරගලකරුවන් මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ කර තිබේ.එය අරගල කරුවන් ගත් අනීතික තීරණයකි.අරගලයට තවමත් පැහැදිලි නායකත්වයක් නොමැත. දේශපාලනික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එහි පීතෲත්වයට සටන් වදින බව පෙනෙයි.නමුත් එහි අවසානය කොතැනට ගමන් කරන්නේ දැයි පැහැදිලි නැත. එක පක්ෂයක් එක මතයක් කියද්දී තවත් පක්ෂයක් වෙනත් මතයක් ඉදිරිපත් කරයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා අතරමඟ නතරවී ඇත. දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවන තුරු ඔවුන් බලා සිටින බව එහි නියෝජිතයන් ප්‍රකාශ කළේය. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ කීවේ ද දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවන තුරු කිසිවක් කළ නොහැකි බවකි. ඉන්ධන, ගෑස් වෙනුවෙන් මුදල් සොයා ගැනීමට කරනා සාකච්ඡා සාර්ථක කර ගැනීමට දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතු බව ඔහු කියයි.

දැන් පාර්ලිමේන්තුව තුළ ඇත්තේ ජනාධිපති සිහින හා අගමැති සිහින කරපින්නාගත්තවුන් පමණකි. අලුත් ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත්වූ පසු යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු ය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබෙන කාලය තවත් ප්‍රමාද වනු ඇත. ඒ අනුව වෙනත් රාජ්‍යයන්ගෙන් ණය ලබා ගැනීමට තවත් කාලයක් ගත වනු ඇත. කෙසේ නමුත් ජනතාවට තවත් කාලයක් අදටත් වඩා දරුණු ආර්ථික අර්බුද වලින් පීඩාවට පත්වීමට සිදුවීම වැලැක්විය නොහැක.එහි අවසානය ලෙස ශ්‍රී ලංකාව යනු ලෝකයේ නරකම රාජ්‍යය වශයෙන් ලෝක සම්මත වීම දක්වාම දුර දිග යා හැක.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan