ගෝඨාභය නිසා මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න වෙයිද – මාලේ ජනාධිපති මන්දිරය අසල විරෝධතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ සහ ආරක්ෂකයන් පිරිසක්ද සමග මාලදිවයින වෙත පළාගිය අතර එරට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ රැකවරණය යටතේ ඔහු මේ වනවිට රැඳී සිටී.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම රටින් පිටුවහල් කරන ලෙස මාලදිවයින් ජනාධිපතිවරයාට බලකරමින් ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතා පැවැත්වෙන බවද වාර්තා වේ. එරට සිටින ශ්‍රීලාංකිකයන් ඇතුළු විදේශිකයන් පිරිසක් හා මාලදිවයින් ජාතිකයන් පිරිසක්ද මෙම විරෝධතා සඳහා සහභාගි වී සිටී.

මාලදිවයින් බළධාරීන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සංක්‍රමණික පුද්ගලයෙකු ලෙස පමණක් රටට ඇතුළු වී ඇති බවයි. ඔහු අද දිනයේදී වෙනත් රටකට ගමන් කරනු ඇති බවද මාලේ බළධාරීන් පවසනවා.

රාජපක්ෂ මහතා අද දිනය තුළදීම අබුඩාබි දක්වා පියාසර කිරීමට සූදානම්ව සිටී. සිංගප්පූරුව හරහා ඔහු අබුඩාබි වෙත ගමන් කරන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...