දෙදෙනෙක් ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කරන්න – විපක්ෂ නායක කියයි (VIDEO)

Date:

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්ධනය ආරම්භ කොට ඇතැයිද මේ මොහොතේ ආරක්ෂක අංශ විසින් කළ යුත්තේ දෙදෙනෙකු ආරක්ෂා කරනවා වෙනුවට සමස්ත රටේ ජනතාව ආරක්ෂා කිරීම යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ ආරක්ෂක අංශ ලවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට ජනතාව මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කැස කවමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියේය.

බල උන්මාදයෙන් පෙළෙන ජනාධිපති අගමැති ප්‍රමුඛ කල්ලියේ ප්‍රෝඩාව වහා නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා තවදුරටත් මේ ප්‍රෝඩාවට ඉඩ නැතැයිද පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන ජනතාවට එරෙහිව මර්ධනයේ හස්තය නොයොදන ලෙස ආරක්ෂක අංශ වලට පැවසූ විපක්ෂ නායකතුමා ආරක්ෂක අංශ කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය සුරැකෙන ලෙස ද ඉල්ලා සිටියේ ය. සාමකාමී ජන ජීවිතය සමඟ කරනු ලබන සෙල්ලම නතර කරන්නැයි ද ආණ්ඩුවට බලකළ විපක්ෂ නායකතුමා මේ මොහොතේත් සන්සුන්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...