පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවටත් කඳුළු ගෑස් ප්‍රහාර – බැරියර් බිඳ හෙළමින් ජනතාව ඉදිරියට (VIDEO)

Date:

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වන පොල්දූව හන්දියේද විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් එක්රැස්වී සිටි අතර එම ස්ථානයටද පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

කෙසේවෙතත් එහි තවදුරටත් විරෝධය ක්‍රියාත්මක බවයි එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු පැවසුවේ.

මේ වන විට කඳුළු ගෑස් ප්‍රහාරයන්ට මුහුණ දෙමින් විරෝධතාකරුවන් ඉදිරියට ඇදෙමින් සිටින අතර පළමු මාර්ග බාධකය බිඳ හෙළමින් කථානායක නිලනිවස ඉදිරිපිටට පැමිණ සිටින බව සඳහන්.

විරෝධතාකරුවන්ගේ ඉල්ලකය පාර්ලිමේන්තුවට පිවිසීම වන අතර මේ වන විට පක්ෂ නායක රැස්වීමද පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02හි පැවැත්වෙන බවද වාර්තා වෙනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...