අරගලයේ යම් බෙදීමක් : කොටසක් පාර්ලිමේන්තුව දෙසට යයි. ගෝල්ෆේස් අය එපා කියයි !

Date:

පසුගිය මාර්තු 31 වනදායින් ආරම්භ වී මේ දක්වා එකට පැවතුණු අරගලය අද (13) දිනයේදී දෙපාර්ශ්වයකට බෙදීමක් පෙන්නුම් කරමින් තිබෙන බව වාර්තා වේ.

එයින් කොටසක් ගෝල්ෆේස් අරගල භූමියෙහි රැඳී සිටින අතර තවත් කොටසක් පාර්ලිමේන්තුව අසල විරෝධතා පවත්වමින් සිටිති.

ගෝල්ෆේස් අරගල භූමියෙහි රැඳී සිටින පිරිසේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුව අසල විරෝධතා නොපැවැත්වා ගෝල්ෆේස් අරගල භූමිය තුළ අද දිනයේ රැඳී සිටිය යුතුය යන්න වන අතර අනෙක් පිරිස දැනටත් කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්වෙමින් පාර්ලිමේන්තුව අවට විරෝධතා දක්වමින් සිටිති.

මේ දෙපාර්ශ්වය සමාජ මාධ්‍ය ඔස්සේ එකිනෙකාට චෝදනා කරගන්නා ආකාරයක් ද දක්නට ලැබේ.

මේ අතරම අරගලය තුළ ක්‍රියාකාරී සමාජවාදී මත දරන්නන් සහ සමාජවාදයට එරෙහි මත දරන පිරිස් අතර ද මත ගැටුමක් පවතින බව පෙන්නුම් කෙරෙන අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධ තොරතුරු ද සංසරණය වෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...