පාර්ලිමේන්තුවේදී හර්ෂණලා අපිව පරද්දයි, හැබැයි ජනතාව ඡන්දයක් එනකල් බලාන ඉන්නේ ආණ්ඩුව ගෙදර යවන්න – ජගත්

සටහන – රුවන් නෙළුගොල්ල

අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයෙන් ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණත් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය භංග වී අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි.

“මොකක්ද මේ අධිකරණ ඇමතිතුමා කරන්නෙ ? පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය මොකක්හරි කිව්වායින් පස්සේ තුනෙන් දෙක තියන නිසා අපි කියන ඒවාට එක එක ඒවා කිය කියා ඉන්නවා මිසක් හරි පරිපාලනයක් සිද්ධවෙනවා කියලා ඕගොල්ලෝ හිතනවාද ? අපිව පාර්ලිමේන්තුවේදී පරද්දයි, හැබැයි ජනතාව බලාගෙන ඉන්නවා විශ්වාසභංගයෙන් ආණ්ඩුවම ගෙදර අරින්න ඡන්දයක් එනකල්. ජනතාවගේ විශ්වාසය භංග වෙලා තියෙන්නෙ”

ජගත් විතාන මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (12) මතුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...