බැංකොක් රාත්‍රී සමාජ ශාලාවේ ගින්නකින් 27 දෙනෙකු මරුට – 63කට තුවාල

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 63 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව එරට බලධාරීන් පවසයි.

තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට මළ සිරුරු 27ක් සොයාගෙන ඇති අතර තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද බලධාරීන් සඳහන් කරයි.

ගිනි නිවන භටයින් විනාඩි 30ක පමණ මෙහෙයුමකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වී ඇති අතර, ගොඩනැගිල්ල තුළ තවත් පුද්ගලයන් සිරවී සිටියේද යන්න සොයා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක ප්‍රමිතීන් සහ හදිසි පිටවීමේ මාර්ග ප්‍රමාණවත්ද යන්න පිළිබඳවද බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...