ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම් යළි ඇතිවීමෙන් පසු ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ ඇමරිකානු කේන්ද්රයන් වෙත පහර දීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල නැවත ඉහළ ගොස් තිබේ.
එම ප්රහාර හේතුවෙන් හෝමූස් සමුද්ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්රවාහනයට තර්ජන එල්ල වීම එම මිල ඉහළ යාමට ආසන්නතම හේතුව වී ඇත.
ඒ අනුව බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 2.34කින් හෙවත් 3.08%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 78.35ක් ලෙස වාර්තා වෙයි.
එමෙන්ම WTI බොරතෙල් මිල ඩොලර් 2.21කින් හෙවත් 3.09%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 73.62ක් ලෙස වැඩි වී තිබේ.
මේ අතර ජූනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගියද, එය යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩුවෙන් පවතින බව ජාත්යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ මාසික වාර්තාවේ දැක්වෙයි.
යුද ගැටුම් හේතුවෙන් තෙල් මිල ඉහළ යාමත් සමත් එම පරිභෝජනය සිමා කිරීම එමඟින් පෙන්නුම් කර ඇත.
යළි ඇවිලුණු මෙම ගල්ෆ් කලාපයේ යුද ගැටුම්හි සමථය වීමක් සම්බන්ධයෙන් ලකුණු තවමත් පෙන්නුම් කර නැති අතර ඉරාන හමුදාව පවසන්නේ ‘කලාපයේ ඇමරිකානු කඳවුරුවලට එරෙහිව ඩ්රෝන ප්රහාර දිගටම එල්ල කරන බවයි.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලික මූලධර්ම “අමුතු ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස එක්සත් ජනපදය නැවත නැවතත් ඉරානයේ හමුදා ස්ථාන, සිවිල් යටිතල පහසුකම් සහ සිවිල් වැසියන් වෙත එල්ල කරන ලද ප්රහාර හෙළා දකින ඉරාන හමුදාව, ඒවා තවදුරටත් ඕනෑම ආක්රමණයකට එරෙහිව රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ස්වාධීනත්වය සහ ජනගහනය ආරක්ෂා කිරීම සඳහා සිය සම්පූර්ණ හැකියාවන් භාවිතා කරන බව අවධාරණය කරයි.


