“සහල්වලින් බියර් නිපදවන්න බැහැ – බලපත්රලාභී මත්පැන් නිපාදකයින්ගේ සංගමය” මැයෙන් යුතුව අද (13) අරුණ පුවත්පතේ පළවී ඇති පුවත අසත්යයක් බව මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
අරුණ පුවත්පතේ අදාළ පුවතෙහි සඳහන්ව තිබුණේ සහල්වලින් බියර් නිෂ්පාදනය කළ නොහැකි බවටත් වී මෝල්ට් බවට පත්කර බියර් නිෂ්පාදනය කළහැකි බවටත් බලපත්රලාභී මන්ත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම පැවසූ බවකි.
එහෙත් මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු තරිඳු ලොකුගේ මහතා අප වෙත පැවසුවේ අජිත් උඩුගම නමැති අයෙක් තම සංගමයේ නොමැති බවත් මෙම පුවත සාවද්ය බවත් ය.


