අධ්‍යාපනය සඳහා වූ සම ප්‍රවේශය තවදුරටත් සහතික කරමින් සරසවිවල විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් ඇගයේ!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අගයමින් “සරසවි දිරියෝ අභිමන් 2026” වැඩසටහන යටතේ එම දරුවන් වෙත විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනැමුණි.

පසුගිය 11 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණු අතර එහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් විශේෂ අවශ්‍යතා වර්ගීකරණය යටතේ ප්‍රවේශය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 370කට රු.100,000.00 වූ ශිෂ්‍යත්වයක් ජනාධිපති අරමුදල හරහා ලබා දීම සිදුවිය.

ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවාදී අරමුදලක් බවට පත් කරමින්, සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බවයි එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

”කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකොට, විශේෂ අවශ්‍යතා සහිත (Neurodivergent, Autism, Dyslexia වැනි) සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තියයි, විශ්වවිද්‍යාල තුළ ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික පහසුකම් (Access) සලසා දීමේ සුවිශේෂී වගකීමක් උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට පැවරෙන වගකීමක්. මීට අමතරව, සහායක තාක්ෂණයන් (Assistive technology) හරහා අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටත්, පොදු ප්‍රවාහනය හා භෞතික යටිතල පහසුකම් ආබාධිත පුද්ගලයන්ට හිතකාමී ලෙස සංවර්ධනය කිරීමටත් රජය මැදිහත් වෙමින් සිටිනවා. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රටට බරක් නොවන, තිරසර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක් බව අවධාරණය කරන අතර, සියලු දෙනාගේ වටිනාකම් පිළිගන්නා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම මෙහි අවසාන අරමුණයි.” යනුවෙන් අවධාරණය කළාය.

මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...