ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ගොවිතැන් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉහළ පොලියට ණය ගැනීමට සිදුවන ගොවීන්ට සහන සැලසීම සඳහා බැංකුවක් ආරම්භ කිරීමට රජය තීරණයක් ගෙන ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී.බී සරත් මහතා පවසයි.
එම බැංකුව හරහා අක්කරයකට රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබාදීමට කටයුතු කරන බවයි නියෝජ්ය අමාත්යවරයා සඳහන් කරන්නේ.
“තව කන්න දෙකක් තුනක් යන කොට යාය ගොවි සමිති හදලා ගොවියට වගා කරන්න අවශ්යකරන කරන මුදලක් ලබාදෙනවා. අපේ ගොවියා ගොඩක් පිටට ණය වෙනවා. ගිනි පොලී කාරයන්ට ණය වෙලා, ණය ගෙවා ගන්න බැරුව වී විකුණනවා. නිෂ්පාදන වියදම වැඩි වෙන්නේ ගිනි පොලියට ණයට ගන්න නිසා. ඒ නිසා බැංකුවක් ආරම්භ කරන්න අදහස් කරමින් ඉන්නවා. එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දෙන්න කටයුතු කරනවා.”
එමෙන්ම චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්යාපාරයකම ‘කෘෂි උපරකණ මධ්යස්ථානයක්’ ඇතිකිරීමටද කටයුතු කරන බව ඔහු කියාසිටියි.
ඒ අනුව ලෝකයේ දියුණු මැෂින්, විශාල ට්රැක්ටර්, ගොයම් කපන මැෂින්, ඩ්රෝන, නියර රහින සහ බඳින මැෂින් ගෙන්වීමට නියමිත අතර ඒ ආයතන හරහා ගොවීන්ට සහනදායි මිලට අවශ්යතාව ඉටුකර ගැනීමට කටයුතු සලසන බවයි ඔහු තවදුරටත් පවසන්නේ.


