ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාමික වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගන්න උත්සාහය තුළ රාජ්ය අංශයේ බරපතල අර්බුදයක් ඇතිවිය හැකි බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
පහළ තනතුරුවල සිටි ඉහළ තනතුරුවලට පැමිණීමට මහන්සි වෙන පිරිසටත් මේ හරහා විශාල බාධාවක් ඇති වෙන අතර මීට වඩා රට වෙනුවෙන් කිරීමට බොහෝ දේවල් ආණ්ඩුවට ඉතුරුව ඇති බව හිටපු මන්ත්රීවරයා සඳහන් කළේය.
ඔහු මේ නබව පැවසුවේ අද (13) කොළඹදී පැවති සමඟි ජන බලවේගයේ මාධ්ය හමුවේදීය.
”ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් රාජ්ය අංශයේ සියලුම අංශවල විශ්රාමික වයස දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින්න හැකියාව තිබෙනවා.
රාජ්ය අංශයේ බරපතල අර්බුදයක් මේ හරහා ඇති කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. ඒ වගේම පහළ තනතුරුවල සිටි ඉහළ තනතුරුවලට පැමිණෙන්න මහන්සි වෙන පිරිසටත් මේ හරහා විශාල බාධාවක් ඇති වෙනවා. කෙසේ නමුත් මීට වඩා රට වෙනුවෙන් කිරීමට බොහෝ දේවල් ආණ්ඩුවට ඉතුරු වෙලා තිබෙනවා. ඒ වගේම මෙවැනි තින්දු තිරණ ගැනීමට පෙර ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයේ සඳහන් දේවල් ඉටු කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් ආණ්ඩුව හිතුවක්කාර ලෙස තමන්ගේ බලය භාවිතා කරමින් ආණ්ඩුක්රම ව්යවස්ථාන සංශෝධනය කරමින් රටේ අනෙකුත් අංශවල කැලඹිලි ඇති කරමින් ආණ්ඩුව වෙනම දේශපාලන න්යාය පත්රයක් ක්රියාත්මක කරන්න උත්සහ කරනවා. ඒ වගේම මේ හරහා විරුද්ධ පක්ෂ මර්දනය කරන්න , විරුද්ධ පක්ෂවල මතවාද යටපත් කරන්න , ආණ්ඩුවේ මතය නිවැරදි බව සමාජ ගත කරන්නත් ආණ්ඩුව මේ හරහා දැඩි උත්සාහයක නිරත වෙනවා.”
කෙසේවෙතත් ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාමික වයස දීර්ඝ කිරීම ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව කළ නොහැකි දෙයක් බව හෙතෙම ප්රකාශ කළේය.
”නමුත් ආණ්ඩුව ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාමික වයස දීර්ඝ කිරිම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කරන්න සූදානම් වෙනවා. ජනාධිපතිවරයාගේ අභිමතය ඉටු කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කරමින් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාමික වයස දීර්ඝ කරන බව ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයේ සඳහන් වෙන්නේ නැහැ. ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේග ප්රතිපත්ති ප්රකාශනයේ සඳහන් වෙන්නේ නැහැ. අධිකරණය ස්වාධින කරන බව ප්රකාශ කළාට ඉහත සඳහන් කළ කාරණය සම්බන්ධයෙන් ප්රතිපත්ති ප්රකාශනයේ සඳහන් වෙන්නේ නැහැ. ප්රතිපත්ති ප්රකාශනය හරහා ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වුණ දේවල් අමතක කර මැතිවරණ ප්රකාශනයේ නැති ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාමික වයස දීර්ඝ කිරිමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙළා දැකිය යුතුයි.” යනුවෙන් ඔහු තවදුරටත් පැහැදිලි කරන ලදී.


