මේ මොහොතේ ක්‍රීඩාව පරිපාලනමය වශයෙන් බොහෝ සෙයින් පිරිහී ඇති තත්ත්වයක ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට ක්‍රීඩා කේෂ්ත්‍රයේ පරිපාලනමය වශයෙන් අත්දැකීම් සමූහයක් ඇති ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු පත් කිරීමට අනුමැතිය හිමි වී ඇත.නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙකු ලෙසත්,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයෙකු සහ ජාතික ඔලිම්පික් කමිටු විධායක සභිකයෙකු ලෙසත් කටයුතු කර ඇති ශෙමාල් ප්‍රනාන්දු,ක්‍රීඩා විද්‍යාව විෂය සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ඇත.
ක්‍රීඩාවේ දාර්ශණික පදනම ගැන මනා අවබෝධයක් සහ හැදෑරීමක් ඇති ආචාර්ය ප්‍රනාන්දු එම විෂය සම්බනධයෙන් දෙස් විදෙස් විද්‍යාර්ථීන්ට දැනුම බෙදා දුන් දේශකයෙක් ද වේ.මේ මොහොත වන විට ක්‍රීඩා නීතියේ සිටම පාලනය කිරීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා දක්වන දැඩි ඒකාධිපතිවය නිසා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවන් තහනම් වීමේ අවධානමකට ලක්ව ඇති බව දැකිය හැකි අතර,ඇතැම් ක්‍රීඩාවන්ට ආසන්න ජාත්‍යන්තර ඉසව් නියෝජනය පවා මඟ හැරෙන තත්ත්වයක් දැකිය හැකිය.
ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල අත්දැකීම් බෙදා හදාගෙන ඇති ශෙමාල් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංගම් සමඟ වැඩ කිරීමේදී උගත් පාඩම් අනුව හෝ ක්‍රීඩා අමාත්‍යවරයාට ලෝකයේ නව ප්‍රවනතාවය වන්නේ ක්‍රීඩාව රටේ දේශපාලන පරිපාලනයෙන් නිදහස් කිරීම යන්න අවබෝධ කර දෙන්නේනම් වඩාත් අගනේය.එසේම ජාතික ක්‍රීඩා සභාව ලෙස අමාත්‍යවරයා සමීප කරගෙන සිටින බොහෝ පිරිස් අමාත්‍යවරයාගේ ජ්‍යොතිශය සිහිනයට ආශිර්වාද කරන මුවාවෙන් තමන් නියෝජනය කරන ක්‍රිඩාවන් හී ක්‍රීඩා සමාජ මට්ටමෙන් ජනප්‍රිය චරිත නොවන අතර ඔවුන් බොහෝ දෙනෙක් එම සමාජවලින් ප්‍රතික්ෂේප වූ අය බවද අමාත්‍යවරයාට වඩා හොඳින් ශෙමාල් දැන් සිටීමද මෙහිදී වැදගත්ය.
මේ තත්ත්වය යටතේ බලය එම ක්‍රීඩාව හා සබැඳි සමාජ පරිසරයෙන් ලබා ගැනීමට නොහැකි සහ ඊට බලපෑම් කළ නොහැකි මානසික ව්‍යාධියකින් පෙළෙන ඔවුන් මේ වන විටත් අමාත්‍යවරයා හරහා ඔවුන් ප්‍රතික්ෂේප වීමේ පළිය ගන්නට අවශ්‍යය කටයුතු සකසමින් සිටින්නේය.පාලනයන් විසුරුවා හැරීම,පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීම,සංචාරවලින් පුද්ගලයින් කපා දැමීම වැනි පහත් පෙළේ ක්‍රියාවන් සඳහා අමාත්‍යවරයා පොළඹවමින් සිටින මේ පිරිස සමඟ හිස ගසාගෙන සිටීම නාවික හමුදාපතිවරු කිහිප දෙනෙකු යටතේ ඔවුන්ගේ තීරණ සම්බන්ධයෙන් ක්‍රියා කර අත්දැකීම් තිබුණ ද ආචාර්ය ප්‍රනාන්දුට පහසු නොවනු ඇත.
මන්ද අමාත්‍යවරයා ද හැසිරෙන්නේ බොහෝ විට ප්‍රශස්ති අපේක්ෂාවෙන් බැවින් නිවැරදි දෙයට නිවැරදි සහ වැරදි දෙයට වැරදි කීමේ ශෙමාල් ප්‍රනාන්දුගේ ස්වභාවය මත ඔහුට අමාත්‍යවරයා වෙනස් කර හැකි වේද යන්න හෝ ඔහු අමාත්‍යවරයා අනුව වෙනස් වන්නේ ද යන කාරණය ඉදිරියේදී රටේ ක්‍රීඩාවට අතිශයින් තීරණාත්මක වනු ඇත.අමාත්‍යවරයාගේ හැඩයට ආචාර්ය ප්‍රනාන්දු පරිවර්ථනය වුවහොත් ඔහු ක්‍රීඩාවේ නියැලෙමින් උපයාගත් දැනුම සහ කීර්තිය ඟඟට කැපූ ඉණි මෙන් වනු ඇත.ඔහුට වැඩ ආරම්භ කරන්න වන්නේම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් අමාත්‍යවරයාගේ පදයට නටමින් නොසළකා හරින ලද අධිකරණමය උපදෙස් ආදිය ගැන ද අවධානය යොමු කරමින්ය.ඒ නිසා මේ වන විට රටේ ක්‍රීඩාව වැටී ඇති අගාධය වෙනස් කරමින් නැවත ක්‍රීඩාව යනු අමාත්‍යවරයා නොවන රටේ නීතිය සහ ක්‍රීඩාවේ නීතිය බව සමාජයට ඒත්තු ගන්වන්නටත්,සංවර්ධන දෙපාර්තමේන්තුවේ තමන්ට පහළින් සිටින නිලධාරීන්, අමාත්‍යවරුන්ගේ හොඳ හිත දිනා ගැනීම සඳහා ක්‍රීඩාවට කරන හානියත් ආචාර්ය ශෙමාල් ට මේ රටේ ක්‍රීඩා සංගම් සහ ඔලිම්පික් කමිටුව සමඟ වැඩ කිරීමේ අත්දැකීම් හරහා හොඳටම ඇති බව අපි දනිමු.
නිහතමානී,මිත්‍රශීලී ශෙමාල් ප්‍රනාන්දු ක්‍රීඩාවේ විශාල ප්‍රායෝගික අත්දැකීම් සමූහයක් ැති අයෙක් වන අතර,අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ හැසිරීම් ක්‍රීඩාවේ ඉදිරි ගමණට බාධා කරන සහ සහය දෙන ආකාරය ගැන ක්‍රීඩා සංගම් පරිපාලකයෙක් ලෙස හොඳින් අත් විඳි අයෙකි.එමෙන්ම කලෙක සිට ජාතික ඔලිමිපික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශයට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති වෙනස් වගකීම් තේරුම් නොගැනීම නිසා ක්‍රීඩා අමාත්‍යංශයෙන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙින්තුවෙන් සිඳුවන වැරදි බලපෑම් ගැන ප්‍රායොා්ගීකව දන්න සහ එයින් ක්‍රීඩාවට වන හානි අත් විඳ ඇති අයෙක්ය.ඒ නිසා මේ වන අන්තයටම පිරිහී බලය සම්බන්ධයෙන් අත්තනෝමතිකව හැසිරෙන අමාත්‍යවරයෙක් සහ ඔහුට තමන්ගේ අඩු පාඩු සහිත මානසික ව්‍යාධි සංතර්පණය කර ගන්නට උඵදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවකින් ද යුතු ක්‍රීඩාව වෙනස් කරන්නට මේ සියල්ලේ හතර කොණ දන්න ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ලෙස ශෙමාල් ප්‍රනාන්දුගේ පැමිණීම වැදගත්ය.නමුත් ඔහු ද මේ නාරාවාලේම ගිලී ගියහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිඩාව යළි ගොඩ ගැනීමට නොහැකි තරමට පිරිහී විනාශයට යනු ඇත.
ඔහු දෙකොන ගිණිගත් විලක්කුවක් බඳු තමන්ට පැවරුණ වෘත්තිමය වගකිම නිවැරදිව ඉටු කිරීමේ අසීරු කාර්යයට මුහුණ දෙන හැටි අපි බලා සිටිමු.ඇමති මපට්වරයෙක් නොවී සිය වෘත්තීය වගකීමෙන් මේ දක්වා ක්‍රීඩාවට දැක් වූ ආදරය සහ පක්ෂපාතීත්වය පෙන්වීමට ඔහුට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලා සිටින්නෙමු.ඒ අදහසෙන් සුබ පතමු.
සටහන – නිෂ්මං රණසිංහ
