ලෝකයේ බොහෝ ජාතීන් සෞඛ්‍ය, අධ්‍යාපනයට වඩා ණය සඳහා වැඩි සේවා පොලී වැය කරන රටවල ජීවත් වේ – UN

Date:

දළ වශයෙන් බිලියන 3.3 ක ජනතාවක් අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වඩා තම ණය සඳහා පොලී ගෙවීමට වැඩි මුදලක් වැය කරන රටවල ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ නව වාර්තාවකට අනුව අනාවරණය වී තිබේ.

ඊයේ(12)දිනයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝකයේ ණය තත්ත්වය පිළිබඳ වාර්තාවක් එළිදක්වමින් පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ, අපේ ලෝකයෙන් අඩක් සංවර්ධන ව්‍යසනයක ගිලෙමින් පවතින අතර ණය අර්බුදයක්ද ඊට සාපේක්ෂව පෝෂණය වෙමින් පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ නව වාර්තාවට අනුව, ඉහළ ණය මට්ටම්වලට මුහුණ දෙන රටවල් සංඛ්‍යාව 2011 දී රටවල් 22 සිට 2022 දී 59 දක්වා තියුනු ලෙස ඉහළ ගොස් ඇත.

රාජ්‍ය ණය COVID-19 වසංගතය, ඉහළ යන ජීවන වියදම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් විශාල වශයෙන් ඉහළ ගිය අතර අප්‍රිකාවේ, පොලී ගෙවීම සඳහා වැය කරන මුදල අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වියදම් කරනවාට වඩා වැඩිය. ආසියාවේ ද සංවර්ධනය වෙමින් පවතින රටවල් සෞඛ්‍යයට වඩා පොලී ගෙවීම් සඳහා වැඩි අරමුදල් වෙන් කරයි. මේ හා සමානව ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ, සංවර්ධනය වෙමින් පවතින රටවල් ආයෝජනයට වඩා පොලී ගෙවීම් සඳහා වැඩි මුදලක් කැප කරයි.

ආසියා පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, කලාපීය වශයෙන්, 2010 සහ 2022 අතර, රාජ්‍ය ණය ප්‍රමාණය ආසියාවේ සහ පැසිෆික් කලාපයේ හතර ගුණයකින් ද, අප්‍රිකාවේ තුන් ගුණයකින් ද, යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 2.5 ගුණයකින් සහ ලතින් ඇමරිකාවේ මෙන්ම කැරිබියන් කලාපයේ 1.6 ගුණයකින් වැඩි වී ඇති බවයි.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...