කතරගම දේවාලයේ ආදායම අට ගුණයකින් වැඩිවෙලා !

තමන් බස්නායක නිළමේ තනතුර බාරගන්නා මොහොතේ පැවති ආදායම මේ වනවිට අට ගුණයකින් ඉහළ දැමීමට සමත්ව ඇති බව ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව, තමන් එම තනතුරේ රාජකාරි ආරම්භ කරද්දී රුපියල් මිලියන 50ක්ව පැවති දේවාලයේ වාර්ෂික ආදායම මේ වනවිට රුපියල් මිලියන 400ක් දක්වා වැඩිවී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

2024 වසරේ පළමු මාස හයේ පමණක් ආදායම රුපියල් මිලියන 214ක් බව කතරගම මහා දේවාලයේ ගිණුම් වාර්තාවෙන් අනාවරණය කර තිබිණි. දේවාලයක ගිණුම් වාර්තා එසේ ප්‍රසිද්ධ කෙරුණේ ද පළමු වරට ය.

කතරගම දේවාලයේ ආදායම් වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ බැතිමතුන් මීට පෙර පූජා වට්ටිවල තබා කපු මහතුන් වෙත ලබාදුන් මුදල් හා පූජා භාණ්ඩ මේ වනවිට දේවාලයේ පඬුරු පෙට්ටි වෙත හා කාර්යාලය වෙත ලබාදීමට කටයුතු කරමින් සිටීම බව සඳහන්.

දෙවියන් වෙත පූජා කරන මිල මුදල් හා පූජා භාණ්ඩ කපු මහතුන් පුද්ගලික පරිභෝජනයට ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් වීමත් සමග මෙම තත්වය උදා වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...