ධම්මිකගෙන් තවත් රුපියල් මිලියන 4,000 ක් වටිනා අධ්‍යාපන සහතික පත් ප්‍රදානයක් අද !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී අද පෙරවරු 08.30 සිට ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානෝත්සවය ආරම්භ වීමට නියමිත ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. ගාල්ල දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛා 12 ක සිසු සිසුවියන් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කර ඇති අදියරයන් අනුව අද පිරිනැමීමට නියමිත සහතිකපත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන, රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලාවකට යොමුකිරීම සඳහා ඔබට ළඟම පිහිටි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...