නැවතත් හොල්මන් කරන මාකඳුරේ මධුෂ්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ (LNW):

අපරාධ කල්ලි සාමාජිකයකු වන මාකඳුරේ මධුෂ් නමැත්තාගේ, ඡායාරූපයක් ගොඩිගමුව සුසාන භූමිය ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ බොරැල්ලේ දී සිදුකිරීමත් සමඟ ඊයේ පස්වරුවේ දී මාකඳුරේ මධුෂ් නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැන සුසාන භූමිය ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇත .

එම බැනරය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර එය සුසාන භූමියේ තාප්පයේ සවිකළ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් මහරගම පොලීසිය මගින් ආරම්භ කර තිබෙන බව පැවසේ.

මෙම බැනරයේ කේපීඅයි ලෙස සටහන්කර තිබූ අතර ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් ටී56 ජීව උණ්ඩවල ද එම අකුරු සටහන්කර තිබුණු බව සඳහන් වන අතර , මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සදහා ආරක්ෂක අංශවලට ඔත්තුව ලබාදුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බව ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබාසිටින කංජිපානි ඉම්රාන් නමැත්තා පවසා ඇති බවට පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...