ජුනි මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 635 ඉක්මවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක වැඩිවීමකි.

එසේම 2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ප්‍රේෂණ ලැබීම් එකතුව අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

2024 වර්ෂය සඳහා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6.57 කි. නිල දත්තවලට අනුව, වසර තුළ ශ්‍රී ලාංකිකයින් 312,836ක් විදේශ රැකියා සඳහා විදේශගතව ඇති බව සංඛ්‍යාලේඛනවලින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...