හිටප අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනය දක්වා රටින් පිටතට නොයන බව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. ඔවුන් දෙදෙනා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර තිබේ.
වත්මන් අර්බුදයට ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂ සහෝදරයන් ඇතුළු පිරිසක් වගකිව යුතු බැවින් ඔවුන්ට එරෙහිව වහාම පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබිණි.
පෙත්සමේ වගඋත්තකරුවන්ට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි මෝසමක් මාර්ගයෙන් පසුගියදා ඉල්ලා තිබූ අතර එම මෝසමද අද සලකා බැලිණි.
හිටපු මුදල් අමාත්‍ය එස්.ආර්. ආටිගල මහතාද සිය නීතිඥයන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ හෙට දිනය දක්වා විදෙස්ගත නොවන බවයි.
UN