ගිනිඅවි පැහැර ගැනීම පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට

Date:

ඊයේ, පාර්ලිමේන්තු සංකීර්ණය අසල පොල්දූව මංසන්ධියේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර, යුද හමුදා සෙබළෙකුගේ ගිනිඅවිය හා උණ්ඩ පැහැරගැනීමේ සිදුවීමට අදාල විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබෙනවා.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත විමර්ශන යොමුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

උද්ඝෝෂණ අතරතුර යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක් වූ අතර බරපතල තුවාල ලැබූ එක් හමුදා සෙබළෙක් මේ වනවිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පැහැරගෙන තිබෙන්නේ මෙම යුද හමුදා සෙබළා සතු ගිනිඅවිය හා උණ්ඩ හැටක් ඇතුළත් මැගසින් දෙකකි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් පිරිසක් අදාල හමුදා සෙබළාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...