සටහන – රුවන් නෙළුගොල්ල
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු වන අතර ඔවුන් ඊයේ (13) සහ අද (14) අලුයම මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය රැඳවියන් 21 දෙනාත් සමග එම ගැටුමේ සමස්ත මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇත.


