කොළඹ LNW:චීනය විදේශ වෙළඳාම යහපත් වර්ධනයක් පෙන්නුම් කරනවා.
ඒ අනුව 2026 මුල් භාගයේදී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්රිලියන 25.47 දක්වා ළඟා වී ඇති බව චීන රේගු පරිපාලනය අද(14) අදාළ දත්ත වාර්තා නිකුත් කරමින් සඳහන් කළා.
එම වටිනාකම වසරේ මුල් භාගයේදී ට්රිලියන 25 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි. එය පෙර වසරට සාපේක්ෂව 16.9% ක වර්ධනයක්.
ඒ අතරින්, අපනයන වටිනාකම ට්රිලියන 14.73ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව 13.4%ක වර්ධනයක් බව ද වාර්තා වනවා. ආනයන වටිනාකම ට්රිලියන 10.74ක් වන අතර එය 22.1%ක වර්ධනයක් බව දත්ත වාර්තාවන්හි දැක්වෙනවා.
දිනූෂි ධීරසිංහ


