නිදහස් චතුරස්‍ර ඇවිදින මංතීරුවේ අබලන් තත්ත්වය සහ අවදානම හර්ෂ හෙළිකරයි!

රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

කොළඹ නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව වර්තමානය වන විට දැඩි ලෙස අබලන් වී පවතින බවත්, එමඟින් ජනතාවට සිදුවිය හැකි අනතුරු වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.

නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොවීම නිසා මතුපිට ගැලවී ගොස් මංතීරුව අනතුරුදායක තත්ත්වයක පවතින බවත්, එය ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ආ ද්‍රව්‍ය පවා අපතේ යමින් පවතින බවත් ඔහු අවධාරණය කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඔහු නාගරික සංවර්ධන අධිකාරියෙන් සහ නගරාධිපතිනියගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙයට ප්‍රතිචාර දක්වමින් කොළඹ නගරාධිපතිනිය සඳහන් කර ඇත්තේ අදාළ බලධාරීන් දැනුවත් කර මේ පිළිබඳව විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

වසර ගණනාවක් පැරණි මෙම මංතීරුව දෛනිකව පරිහරණය කරන වයෝවෘද්ධ පුද්ගලයින් ඇතුළු මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම මැදිහත් වීමේ මූලික අරමුණ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...