නිදහස් චතුරස්‍ර ඇවිදින මංතීරුවේ අබලන් තත්ත්වය සහ අවදානම හර්ෂ හෙළිකරයි!

රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

කොළඹ නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව වර්තමානය වන විට දැඩි ලෙස අබලන් වී පවතින බවත්, එමඟින් ජනතාවට සිදුවිය හැකි අනතුරු වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.

නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොවීම නිසා මතුපිට ගැලවී ගොස් මංතීරුව අනතුරුදායක තත්ත්වයක පවතින බවත්, එය ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ආ ද්‍රව්‍ය පවා අපතේ යමින් පවතින බවත් ඔහු අවධාරණය කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඔහු නාගරික සංවර්ධන අධිකාරියෙන් සහ නගරාධිපතිනියගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙයට ප්‍රතිචාර දක්වමින් කොළඹ නගරාධිපතිනිය සඳහන් කර ඇත්තේ අදාළ බලධාරීන් දැනුවත් කර මේ පිළිබඳව විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

වසර ගණනාවක් පැරණි මෙම මංතීරුව දෛනිකව පරිහරණය කරන වයෝවෘද්ධ පුද්ගලයින් ඇතුළු මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම මැදිහත් වීමේ මූලික අරමුණ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...