කොළඹ LNW: මේ මස 24 වන දින සිට තිරගත වීමට නියමිත චින්තන ධර්මදාසගේ ‘අභිසාරි’ චිත්රපටයට සමාන්තරව පැවැත්වෙන ‘අභිසාරි’ ඡායාරූප ප්රදර්ශනය අද (14) ආරම්භ විය.
අද දිනයේ කොළඹ ග්රීන් පාත්හි, මහජන පුස්තකාලය ඉදිරිපස වීදියේ දී ආරම්භක ඡායාරූප ප්රදර්ශනය පැවැත් වූ අතර මෙම වීදි ඡායාරූප ප්රදර්ශනය ඉදිරි දින කීපයේම කොළඹ නගරයේ තැනින් තැන පැවැත්වීමට Stand Up Movement Lanka සමාජ ක්රියාකාරී සාමූහිකය කටයුතු සූදානම් කර ඇත.
කොටුව දුම්රිය පොල, ගාලුමුවදොර පිටිය මේ ස්ථාන අතර වෙයි.
මෙම ප්රදර්ශනය චිත්රපටයේ පූර්ව ප්රවර්ධන කටයුතු වෙනුවෙන් පැවැත්වෙන අතර එම චිත්රපටය නිර්මාණය වී ඇත්තේ කොළඹ නගර බද ප්රදේශ පාදක කරගත් ගණිකා වෘත්තීය සබැඳිවය.
එමෙන්ම අභිසාරී චිත්රපටය සම්බන්ධයෙන් පූර්ව කතිකාවක් ගොඩනැගීමද මෙම ජායාරූප ප්රදර්ශනයේ අරමුණකි.



















