මෛත්‍රී ආණ්ඩුවේම එල්ලී ගොඩයන තීන්දුවක …

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොහොම හරි ආණ්ඩුවේම එල්ලිලා ඉදිරි දේශපාලන කටයුතු කරන්න තීරණය කරලා ලු.

ඒ අනුව ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකම් ගත්ත ශ්‍රීලනිප කණ්ඩායමට නැවතත් ශ්‍රීලනිපයේ තනතුරු ලබාදෙන්නත් සූදානම් වෙලා ඔවුන්ව කැඳවලා රහසිගත සාකච්ඡාවක් තියන්න දින නියම කරගෙන ලු. රහසිගතව කරන්න ගියාට මේ වැඩේ තිලංග සුමතිපාලට ආරංචි වෙලා ලු. තිලංග මේක පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරටත් කියලා දෙන්නාත් එක්කම මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගැහෙන්න ගිහින් මේ සාකච්ඡාව පවත්වන්න එපාය කියලා සෑහෙන බලපෑමක් කළත් මෛත්‍රී ඒකට එකඟවෙලා නෑ කියලා ආරංචියි.

මේ තත්වය යටතේ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට පැනපු සෙට් එකට විරුද්ධව තදින්ම ක්‍රියාමාර්ග ගන්න ඕනෙ කියන තැන හිටපු තිලංගයි, දයාසිරියි දැන් තනිවෙලා කියලා තමයි කතාව යන්නේ.

කොහොම වුණත් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දවස්වල ඉන්නේ නඩු කිහිපයකම පැටලිලා ඒවායින් ගොඩයන ක්‍රමයක් කල්පනා කර කර කියන එක කාටත් රහසක් නෙවෙයි නෙ …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...