කොළඹ වරායේ තදබදයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කන්ටේනර් රථ කාර්යක්ෂමව මුදා හැරීමට රේගුව කටයුතු නොකිරීම හේතුවෙන් , නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීමෙන් කන්ටේනර් රථ රැසක් කොළඹ වරායේ සිරවී ඇති බවයි කන්ටේනර් රියැදුරන් පවසන්නේ,

මේ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව රියැදුරන් පවසයි.  ආනයනින බහාලුම් සංඛ්‍යාව මේ දිනවල ඉහළ ගොස් ඇති බවයි මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත මහතා පවසන්නේ ,

ඒ හේතුවෙන් පරීක්ෂණ අංගනවල ධාරිතාව ඉක්මවා නිෂ්කාෂණ කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සුදත්ත සිල්වා මහතා පැවසුවේ සාමාන්‍ය මාර්ග පද්ධතියේ රථ වාහන තදබදයක් ඇති නොවන පරිදි බාහාලුම් නිදහස් කිරීමේ නව ක්‍රමවේදයක් රේගුව විසින් ආරම්භ කර ඇති බවත් , එම වැඩපිළිවෙළ යටතේ රාත්‍රි කාලයේ බහාලුම් රථ වැඩි වශයෙන් වරායෙන් පිටතට මුදා හැරෙනු ඇති බවයි .

එබැවින් ,සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ , පැය කිහිපයක් එම රථ වරායේ රඳවා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසූ අතර, කෙසේ වෙතත් ඊයේ (13) රාත්‍රි කොළඹ වරායේ රඳවා ගත් කන්ටේනර් රථ අද (14)උදෑසන වනවිට වරායෙන් පිට කිරීමට සැලසුම් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...