*
Monday, September 23, 2024
spot_img

Latest Posts

පදක්කමක් නැති වුණත් අරුණ අරුණට පරාද නැත

ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ පිරිමි 400 ඉසව්වේදී හත්වන සහ අටවන ස්ථාන ශ්‍රී ලංකාවට හිමි විය.එහිදී මහත් බලාපොරොත්තු තබා සිටි අරුණ දර්ශණට සිදු වුණේ හත්වැනියා වන්නටය.ඒ ගැන කේෂ්ත්‍රයේම බොහෝ අයට ගැටළු තිබෙන බව සහ විවිධ දේ කියන බව දැනෙමින් ඇත.

පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූ විට ජයග්‍රාහකයෙක් නොවන බව අපි දනිමු.නමුත් පදක්කම්වලින් ජයග්‍රහණ මැනීම වෙනුවට ක්‍රීඩකයාගේ පෞද්ගලික හැකියාවන් හී පසුබෑම සහ නැඟීම යන කාරණා මත ඔහුව හෝ ඇයව අගය කිරීම සහ රැක ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව LNW නිරන්තරයෙන් සිහිපත් කරන දෙයක්ය.
තරග ප්‍රතිපල ලේඛණයේ පළමු වැන්නාගේ කාලය තත්පර 45.00 කි.හත්වැන්නා වන අරුණ දර්ශණගේ කාලය තත්පර 45.69 කි.අරුණ දර්ශණගේ හොඳම කාලය වන්නේ තත්පර 45.59 කි.අරුණ මේ තරගයේදී එම කාලයම වාර්තා කළ බව සිතන්න.එවිට ඔහුට අත්වන්නේ ද පස්වන තැනය.ජාත්‍යන්තරය අප පසු කර ගොස් තිබීම හැරෙන්න අරුණ අරුණව පසු කර ගොස් නැත.ස්ථානය ගැන ලෝකය ඉදිරියේ කතා කරන්නට පෙර තමන්ගේ දක්ෂතාවය ඇතුළේ ඔහු ස්ථාවරද යන්න සැළකිල්ලෙන් විමසා බැලීම වැදගත්ය.

“මේ වගේ රේස් ඉතිං දුවලම තමයි ටයිමින් සහ රේස් එක බැලන්ස් කරන හැටි ඉගෙන ගන්න වෙන්නෙ.මුල සාමාන්‍ය මට්ටමට වඩා වේගයෙන් දුවන්න ඕනි වුණා.ඒක තමයි මේ රේස්වල මට්ටම.එතනදි අපේ රේස් එක දුවන්න බැහැ.අරුණ ඒ මට්ටමේ කැඩෙන්නෙ නැතුව දුවලා එයාගේ හොඳම ටයිමින් ආසන්නයේ ඉන්නවා.ඒක ඉතිං ප්ලස් මාර්ක් එකක්”

අරුණගේ පුහුුණුකරු අසංක රාජකරුණා පවසන්නේය.
අපටත් පැවසීමට ඇත්තේ මේ වගෙ රේස් තව දුවවමු,අරුණ දුවයි කියන දේ ය.රාජිත අරුණ තරම් හෝ ජාත්‍යන්තර අත්දැකීම් නැති ක්‍රීඩකයෙක්ය.ඔහුත් අවසන් පූර්ව තරගවලදී තමන්ගේ හොඳම දක්ෂතාවයට පැමිණියේය.ඒ අනව බලන කළ ඔහුත් පරාද නැත.දුවන්න පුහණු කළ හැක.එහෙත් තරගයක ධාවනය කිරීම යන්න ද, වෙනම පුහුණු වී පොහොසත් කරගත යුතු අංගයකි.
ඡායාරූපයේ සිටින්නේ අරුණ දර්ශණ සහ ඔහුගේ පුහුණුකරු අසංක රාජකරුණා ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan