නෙදර්ලන්ත රූ රැජින තරගය ජයගත් පළමු සංක්‍රාන්ති කත! “Kolle”

Date:

Rikkie Kolle නමැති මේ රූප සුන්දරිය ඉකුත් සෙනසුරාදා දින නෙදර්ලන්ත රූ රැජින කිරුළ දිනාගත් පළමු විවෘත සංක්‍රාන්ති ලිංගික තරඟකාරිය බවට පත් වූ අතර ඇය මේ වසර අගදී විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා ද තම රට නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතය.

“I did it!” ලියුස්ඩන් හි AFAS රඟහලේදී ඇය ලැබූ මෙම ජයග්‍රහණයෙන් පසු Kolle තම Instagram පිටුවෙහි සටහනක් තැබීය. ලා නිල්, ලා රෝස සහ සුදු ඉරි සහිත සංක්‍රාන්ති ධජයේ ඉමොජියක් සමඟින් “මම මගේ ප්‍රජාවට ආඩම්බරයක් වූ බවත් ඔවුන්ටද කළ නොහැක්කක් නොමැති බව පෙන්වූ බව ඇය කියා සිටියාය.

සිය ගණනක් ඇතුළත් වූ තරඟය පුරාවටම අවසන් තරඟකරුවන් 10 දෙනෙකු දක්වා ගමන් කළ මගෙහි Kolle, ඇගේ වේදිකාව භාවිතා කර ඇත්තේ පැජන්ට් ලෝකය පිළිබඳ වඩාත් ඇතුළත් දැක්මක් ලෝකයාට ප්‍රවර්ධනය කිරීමට සහ අන් අයවලුන් දිරිගැන්වීමටය. රූපයෙන් සහ තරාතිරමෙන් උඬගු මිනිසුන් සිටින වර්තමාන සමාජ පන්තිය තුළ Kolle කියන්නේ එම ප්‍රජාවටම නිහතමානී ආඩම්බරයකි.

“මිස් යුනිවර්ස් අපෙන් ඉල්ලා සිටියේ අපව එක වචනයකින් විස්තර කරන ලෙසයි,” Kolle පසුගිය මාසයේ ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට පළ කරන ලද වීඩියෝවක් උඩුගත කරන ලදී. ‘ජයග්‍රහණය’ කියන වචනෙට අනුව, කුඩා පිරිමි ළමයෙකු ලෙස ඇය ඇයගේ ගමන පැමිණ සියල්ල ජය ගත් බවත් සහ දැන් වනවිට ඇය “මා දෙස බලන්න; මම ශක්තිමත්, දිරිමත් සහ විශ්වාසනීය සංක්‍රාන්ති කාන්තාවක් ලෙස මෙහි සිටගෙන සිටිමි” යන්නෙන් අභිමානවත් ලෙස පැවසුවාය.

22 හැවිරිදි Kolle පසුගිය වසරේ ජයග්‍රාහකයා වන Ona Moody විසින් වේදිකාවේදී කිරුළු පැළඳුවාය. ඇයට විශ්ව රූ රැජින වන R’Bonney Gabriel විසින් ඇගේ සළුවද පිරිනැමිණි.

CNN

කොල්ලෙක් වුවත් කෙල්ලෙක් වුවත් තමාගේ හීන කරා ගමන් ගන්නා මගෙහි අපිට හිතා ගත නොහැකි Surprises අපිට පැමිණිය හැක. හීන වලට පනක් දෙන්න රාමුවකට කොටු නොවී යන පණිවිඩය සමාජයට ලබා දුන් Kolle ඔබට සුභ පැතුම්!

Euronews

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...