රු. මිලියන 275ක තඹ කපලා – කටුනායක සහ නව කැළණි පාලමට විශේෂ ආරක්ෂාවක්

Date:

කොළඹ LNW:කටුනායක සහ නව කැළණි පාලම 2021 ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එහි ඉලෙට්‍රික් කේබල්, පැනල් බෝඩි, ඇණ, ඩවුන් පයිප්ප සහ CCTV ගලවාගෙන ගොස් ඇති අතර ඒවායේ වටිනාකම රු. මිලියන 275 ක් පමණ වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා අද (14) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.

කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් රු.මිලියන 250 ක තඹ කපා ඇති බවයි වීරකෝන් මහතා සඳහන් කළේ.

මෙලෙස දේපළ සොර ගැනීම නිසා අධිවේගී මාර්ගයේ විදුලි සැපයුමට පවා බාධා එල්ල වී තිබෙන බව ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් විසින් මෙලෙස දේපළ සොරාගෙන ඇති බවත් මේ වන විට එම අධිවේගී මාර්ග වෙත පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කළ බවත් වීරකෝන් මහතා කියාසිටියේය.

ඒ අනුව කැලණි පාලන යට පොලිස් මුරපොලක්ද ආරම්භ කර තිබේ.

එයින් තත්ත්වය යම් පාලනයකට නතුකර ගැනීමට හැකිව තිබෙන අතර විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස එම ප්‍රදේශය නම් කරන ලෙස ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇත.

මේවා ජනතාවගේ දේපළ වන හෙයින් යම්කිසි වැරද්දක් දුටුවහොත් 1996ට හා පොලීසියට දැනුම් දෙන ලෙස වීරකෝන් මහතා ජනතාවගෙන් ද ඉල්ලා සිටියේය.

තවද ආරක්ෂක අමාත්‍යාංශය මගින් විශේෂ ආරක්ෂාවක් ලබා ගැනීමට ද නියමිතයි.

උක්ත සිදුවීම්වලට අදාළව මේ වන විට පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රු. මිලියන 4.4 වටිනා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බව වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...