*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අධිකරණයේදී ක්‍රීඩා ඇමති ආසියානු රගර් වලිගය වැනුවත් ස්ථාවරකරණ කමිටුව රැක ගන්න බැරි වෙයි

ශ්‍රී ලංකා රගර් පරිපාලනය විසුරුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව පැවරූ නඩුව සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය නඩුව විභාලයට ගැනීමට තීරණය කරමින් ගැස්ට් නිවේදනය තාවකාලිකව අවලංගු කර,අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද රගර් පරිපාලනයට වැඩ කර ගැනීමට යාමට අවශ්‍යය නීතිමය බලය පැවරුවේය.

මෙම තීරණය වළක්වා ගැනීම සඳහා අද උදෑසන ආසියානු රගර් සම්මේලන සභාපතිවරයා හරහා එම සම්මේලන මඟින් විසුරුවා හැර තිබූ ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ සභාපතිවරයාට තහනමක් පනවා එම ලිපිය ගෙන්වා අධිකරණයට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා රගර් පරිපාලනය එහි ව්‍යවස්ථාවට අනුව බලයට පත් වූ පිරිසට අනුව හසුරුවන්නට නොදී ආසියානු සම්මේලන සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමති තමන්ගේ රුචිකත්වය අනුව පිරිස් පත් කරමින් බලපෑම් කරන බවට LNW ආරම්භයේ සිටිම කරන ලද හෙළිදරව්ව සනාත කළේය.කණගාටුවට කරුණ මේ රටේ පොදු මහ ජනතාවගේ අයිතියක් වන ක්‍රීඩාව අභිබවා, ක්‍රිඩා අමාත්‍යවරයා තවත් පුද්ගලයින් සහ එක්ව කරන ලබන ක්‍රියාවන් වෙනුවෙන් නීතිපති දෙපාර්මේන්තුවට පෙනී සිටින්නට සිදු වීමය.ඒ ආකාරයට තීන්දුව ප්‍රකාශයට පත් කරන මොහොතේ එවැනි ලියවිල්ලක් ඉදිරිපත් කර තීන්දුවට බලපෑම් කරන්නට උත්සාහ කිරීම රගර් පරිපාලනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දෝෂ දර්ශණයට ද ලක් විය.

සැබවින්ම නාමල් රාජපක්ෂගේ සට රොෂාන් රණසිංහ දක්වා අමාත්‍යවරු දෙදෙනෙක්ම ගත් තීරණ නිසා රිස්ලි ඉල්ලියාස් ගේ පරිපාලන කාලයෙන් වැඩි කාලයක් අත් බැද වැඩ නොකරන තත්ත්වයේම තැබූ අතර එසේ තිබියදීත් සියලු ක්‍රීඩා තරග පවත්වා,විදේශ සම්බන්ධතා වැඩි කරගනිමින්,නව අනුග්‍රාහකයින් ගෙන එමින් සහ නව තරග ආරම්භ කරමින් ද,පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ හොඳම තත්ත්වය පෙන් වූ තරගාවලිය නිමා කරමින් ද ශ්‍රී ලංකාවේ රගර්වලට කැපී පෙණෙන තත්ත්වයක් උදා කර දුන්නේය.

නමුත් නාමල් රාජපක්ෂගේ අමාත්‍ය ධූරය සමයේ දී ශ්‍රී ලංකාවේ රගර් සඳහා සිටි අනුග්‍රාහකයා ආසියානු සභාපතිවරයා විසින් වෙනත් මැදිහත්වීමකින් ආසියානු තරග අනුග්‍රහයකට කැදවීම,අමාත්‍යවරයා සමඟ එක්ව එකඟ වී රගර් ව්‍යස්ථාවෙන් පත් වූ රගර් පරිපාලනයට බලපෑම් කරමින් උපදේශක මණ්ඩලයක් කැඳවීම වැනි රටේ රගර් පරිපාලනයේ ස්වාධීනත්වය නොසළකා කටයුතු කිරීමට යාම ගැන ආසියානු සභාපතිවරයා සමඟ වූ පෞද්ගලික සාකච්ඡවකදී ශ්‍රී ලංකා සභාපතිවරයාගේ දැඩි විවේචනයට ලක් වී ඇත.

එම තීරණයෙන් රගර් ව්‍යවස්ථාවට අනුව පත් වූ රගර් පරිපාලනයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල විම මෙන්ම ආසියානු සභාපතිවරයා සමීපව තබාගෙන පත් කරන, ආසියානු සම්මේලනයේ වගකීම් පවරා ඇති ශ්‍රී ලාංකිකයා රගර් සම්මේලනයේ සභාපතිවරයාව සිටියදී ගත් තීරණයකට අනුව විදේශීකයන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවා එයින් ඇති වූ හානියට අදටත් ශ්‍රී ලංකාව පවුම් 50000 ක දඩයක් වාරිකව ගෙවමින් සිටීමත් එයට බලපෑවේය.
මේ සියලු කරුණු ආසියානු සම්මෙලන සැසිවලදී සාකච්ඡාවට ගැනීම වැළක්වීමට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ඒ මොහොතේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා රගර් පරිපාලනය විසුරුවන්නට ගත් තීරණයෙන් සිඳු විය.එම තීරණය අධිකරණයෙන් ඉවත් කළ ද,ආසියානු සභාපතිවරයා තමන්ගේ හිතවාදී කොටස් යොදා ගනිමින් තීරණය කළේ අධිකරණයේ නඩුව පවතින තුරු එම තහනම ක්‍රියාත්මක කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ රගර් ස්වාධීනත්වයට බලපෑම් කරමින් තමන් කළ බලපෑම ආසියානු කවුන්සලය තුළ ප්‍රශ්න කිරීම වැළක්වීමය.

පසුව අධිකරණය මඟින් නැවත නිලවරණයක් පැවත්වීමට අවසර දුන් අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් සහ අමාත්‍යවරයා පත් කළ ස්ථාවරකරණ කමිටුවේ ඇතැමුන් ද එක්ව ඒ සම්බන්ධයෙන් විරෝධයක් පළ කල ද එය පලක් නොවිණි.එ් අනුව ගැටළුව ආසියානු කවුන්සලයට ඒම වැළක්වීමට නැවත රිස්ලි ඉල්ලියාස්ට තහනමක් ගෙන ආවේය.ඒ සමඟ දිගින් දිගට රැදි සිටීමේ අවදානම මතු කරමින් රිස්ලි ඉල්ලියාස් ඉදිරිපත් කළ අභියාචනය හමුවේ ඔහු පය පසුපසට නොගන්නා තත්ත්වය තුළ දෙවන වරට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වන රොෂාන් රණසිංහ ද රගර් පරිපාලනට විසුරුවා හරිමින් ආසියානු සභපතිවරයාට අවශ්‍යය දේ කර දෙන්නට මැදිහත් විය.නමුත් ඉල්ලියාස් ප්‍රමුඛ රගර් පරිපාලනය පමණක් නොව ජාතික ඔලිම්පික් කමිටුව ද මේ තීරණයට එරෙහිව ප්‍රකාශ කළ අතර පරිපාලනය අධිකරණයේ පිහිට පැතීය.

අද අධිකරණයෙන් එම විසුරුවා හරීම අවලංගු කරමින් තින්දුව දුන් අතර අද තීන්දුව දෙන මොහොතේදී එම මොහොතේදී නොකරන සම්ප්‍රදාය බිඳිමින් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යවරයා රැක ගැනීම (ඔවුන් නොදන්නා කාරණය වන්නේ අනියමින් ආසියානු සභාපතිවරයා මේ රටේ රගර් ක්‍රීඩාවට එරෙහිව රැක ගැනීමය)
වෙනුවෙන් ආසියානු සම්මේලනය රිස්ලි ඉල්ලියාස් තහනම් කරන ලද බව කියා අද ආසියානු සම්මේලනය මඟින් නිකුත් කරන ලද වාර්තාවක් ඉදිරිපත් කිරීමය.එය හරි අපූරු විශ්මය ජනක අවස්ථාවක් වන්නේ ශ්‍රී ලංකා රගර් පරිපාලනය විසුරුවා ක්‍රිඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා පවරන ලද නඩුවේ තීන්දුව නිකුත් වන දවසේම එම තහනම සම්බන්ධ නියෝගය නිකුත් වීමය.එය ඒ මොහොතේම නිතිපති දෙපාර්තමේන්තු නිතිඥ සුමති ධර්මවර්ධනට අධිකරණයට ඉදිරිපත් කරන්නට අවස්ථාව හිමි වීම ඊටත් වඩා ආශ්චර්යයක් විය.

කෙසේ හෝ දැන් සාධාරණයේ දෙවන අදියර සූදානම් බව පැහැදිළිය.ආසියානු සම්මේලන සභාපතිවරයාගේ ක්‍රියා කළාපය ගැන මේ වන විට ශ්‍රී ලංකා රගර් විසින් ජාත්‍යන්තර රගර් සම්මේලනය වෙත කරුණු දක්වා ඇත.එසේම ජාතික ඔලිම්පික් කමිටුවද මේ වන විට ආසියානු සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු වෙත ද දැණුම් දීමට කටයුතු කරමින් ඇත.ඒ නිසා පැමිණිලි විභාග කිරීම වෙනුවට ඒක පාර්ශවීය වශයෙන් විභාගයකින් තොරව තීරණ ගැනීමේ ආසියානු සම්ප්‍රදායට ද,ක්‍රීඩා පණතේ අභිමතය පරිදි යන වචනයට වහං වී අන් සියලු කොන්දේසී නොසළකා කටයුතු කළ ඇමතිවරුන්ට අධිකරණයෙන් ලැබුණු තීන්දුවම ලැබීමට ඉඩ ඇත.

ඒ නිසා ආසියානු රගර් සභාපති ක්වයිස් අල් දලායිට ද සමහර විට නාමල් රාජපක්ෂ සහ රොෂාන් රණසිංහට අභිමතය පරිදි ක්‍රියා කරන්නට ගොස් මුහුණ දෙන්නට වූ ඉරණමම අත් විදිමට ඉඩ ඇත.ක්‍රිඩාවේ බලය දේශපාලනය හරහා ආක්‍රමණය කළ නොහැකි එකක් බව අධිකරණය මේ මොහොතේ දී සෑහෙන දුරට පිළිගෙන අවසන්ය.ජාත්‍යන්තර රගර් සම්මේලනයද ඒ අකාරයටම ගත් තීන්දුව දැන් හකුළා ගෙන දේශපාලන බලධාරියා වූ අමාත්‍යවරයාගේ බලපෑමෙන් නිදහස් වූ රගර් ක්‍රීඩාවට ඉදිරියට වැඩ කරගෙන යන්නට ඉඩ දෙනු ඇත.රටේ අධිකරණ පද්ධතිය තුළ තවමත් ස්වාධීනත්වය තිබෙන බවට ලැබුණු මේ තින්දු ලබා දුන් විනිසුරුවන් ගෞරවය එක් කර ඇත්තේ සමස්ත අධිකරණ කේෂ්ත්‍රයටමය.ඒ වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් සටන් කළ රග්බි විසරුවා හැරීමට එරෙහිව බල පෑ කරුණු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය ෆායිස් මුස්තාෆා,ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා,නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ නීතිඥ කිර්ති තිලකරත්න යන නීතිවේදීන් ද අගය කළ යුතු වෙති.

මේ තීන්දුව ඓතිහාසිකය.රගර් පාලනය සඳහා වන බලපෑම් සහ චෝදනා වෙනුවෙන් රිස්ලි ඉල්ලියාස් පෙනී සිටියේ රගර් ක්‍රීඩාවට ඇති බැදීම වගේම සිය ජීවිතයේ රගර් හා බැදුණ සම්බන්ධයට එක්වන්නට ගිය කළු පැල්ලම සෝ දා හැරීමේ උවමනාවද සහිතවය.මේ දේශපාලන සංස්කෘතිය ඉදිරියේ තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් පෙනී සිටින්නට ඔහු ආරාධනා කළේ නීතියටය.නීතිගරුක බව ක්‍රීඩාව සමඟම තිබිය යුතුය.රිස්ලි සහ කණ්ඩායම හෙට දවසේ ජාත්‍යන්තර සම්මේලනයේ එකඟතාවයද ඇතුව ස්ථාවරකරණ කමිටුව නාම පූවරුව පමණක් සහිතව ක්‍රියාකාරී නොවී ගත් කළ මාස දෙක තුනක කාලයට තිත තබමින් යළිත් වැඩ අරඹන්නට එනු ඇත.ආසන්නම ඉලක්කය ආසියානු ක්‍රීඩා උළෙලය.

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඇසිය යුතු වැදගත්ම දේ පදක්කමක් ඉලක්ක කරගෙන ගිය ගමණ අධිකරණය විසින් විභාගයට ගැනීම සඳහා ඉවත් කළ ඔබේ තීරණය නිසා ද,ලෝක රග්බි සම්මේලනය ලංකාවේ රගර් සඳහා තහනමක් පැන වූ ඔබේ තීරණය නිසාද ඇණ හිටියේය.මේ පමාව හේතුවෙන් පදක්කමකට සමීපව සිටි ශ්‍රී ලංකාව වෙනුවට එතැනට ආසියානු සභාපතිවරයාගේ රට පැමිණියහොත් ඔබට ඔබේ හෘද සාක්ෂියෙන් අසන්නට පැනයක් ඉතුරුවනු ඇත.නැත්නම් ඔබට ඡන්දය දුන් ජනතාව ඔබෙන් අසාවි යැයි ඔබට රිදීමක් දැනවෙන ප්‍රශ්නයක් ඉතුරු වෙනු ඇත.ඔබ ශ්‍රී ලංකාවේ පදක්කම ආසියානු සභාපති දලායි ගේ රටට ලබා දෙන්නට ඔහු සමඟ දැනුවත්ව හෝ නෙදැනුවත්ව සැළසුම් කර ඇත.එ්කට සතුටුද?

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan