‘එක්සත්ව සිටින්න’ට්‍රම්ප් සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 15,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සෙනසුරාදා (13) පෙන්සල්වෙනියාවේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සිටියදී රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව ඔහු ‘එක්සත්ව සිටින ලෙස’සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කනේ ඉහල කොටස ඉරි ගොස් ඇති අතර බරපතල තුවාල කිසිවක් නොමැති හෙයින් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව සඳහන් වේ.

තුවක්කුකරු 20 හැවිරිදි තෝමස් කෲක්ස් නම් අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජනාධිපති ආරක්ෂක රහස් ඔත්තු සේවය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර ඔහුගේ චේතනාව අවිනිශ්චිතය. FBI මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ තිබී බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගත් බවත්, මොහු තනිව ක්‍රියාකර ඇති බවත්, යම් මතවාදයක් ඇති බව නොපෙනෙන බවත්, දේශීය ත්‍රස්තවාදය යටතේ විමර්ශන කටයුතු සිදු කරන බවත්ය.

වෙඩි ප්‍රහාර හේතුවෙන් රැලියට සහභාගී වූ 50 හැවිරිදි කෝරි කොම්පරේටෝර් නම් ස්වේච්ඡා ගිනි නිවීමේ ප්‍රධානියෙකු මියගොස් 57 හැවිරිදි ඩේවිඩ් ඩච් සහ 74 හැවිරිදි ජේම්ස් කෝපන්හේවර් තුවාල ලැබිය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති බිඩෙන් සඳහන් කර තිබුණේ, “මෙවැනි ප්‍රචණ්ඩත්වයට ඇමරිකාවේ ඉඩක් නැත. එය හෙළා දැකීමට අපි එක ජාතියක් ලෙස එක්විය යුතු” බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...