අත්හැරීමය නිර්වාණය ……

Date:

පත් හැලීමය ගිම්හානය, අත්හැරීමය නිර්වාණය

මහගෙයක් නැති
රහ බතක් උයා කන්නැයි කියන්න⁣⁣ට
කෙනෙක් නැති
වහ බොන්න හිතෙනවායැයි කී විට
නැහැ ඔබ ජීවත් විය යුතුයි
කියන්නට කෙනෙක් නැති
සහලවා ජීවිතය උණ ගත් අය
කොයි තරම් තව වෙද
මේ මහා විශ්ව ඛේදය තුළ

ක්ලාන්තය ආනන්ද
පිපාසය ආනන්ද
නිවන් නො ගොසින් මෙහිම නොරැඳුන
ඔබ කොහෙද ආනන්ද
නිවන ය කියන්නේ ආනන්ද

පවනක් වැනි යමක් වෙද
ළය ගිනි වැදුණ උන්ට ආනන්ද
නිවන ද ඇත්තට ම නිවුම
අක්ෂර බන්ධනයක් වැනිව
වික්ෂෝප රැහැනට දණ ගැසීම ද
ඒ නිවෙන අවසාන ඉම

පත් හැලීමය ගිම්හානය
අත්හැරීමය නිර්වාණය
එච්චරයි නේද ආනන්ද

කල්පයක් නවතින්ට පුලුවන්
බුදු වුනොත් විතරයි
ස්වල්පයක් මරණීය වේදනා
සංසාර අහුමුළු අතර ඉවරයි
කල්පයක් සිහින කියන්නෙ ම
නොපීදුණ මලක සුවඳ විතරයි
ඇහෙනවද ඒ සරදම් සිනා හඬ
ආනන්ද,
ජීවිතේ කියන්නෙම බුදු වුනේ නැතිනම්
විහිළුවක් විතරයි

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...