වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණ නිවේදනය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුලි 15) දිනයේදී සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...