චන්දිමාල්ට ඉඩ ලැබෙයිද?

නිශ්මං රණසිංහ ජූලි 15, කොළඹ LNW:

බංගලාදේශය සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය මේ වන විට 1- 1 ක් ලෙස සම මට්ටමේ පවතිනවා.පළමු තරගයේදී දැවන්ත ජයක් ද දෙවන තරගයේදී දැවන්ත පරාජයක් ද අත් කර ගනිමින් තරග දෙක නිමා වී තිබෙන නිසා මේ තරගය දෙපිළටම වැදගත් වෙනවා.


ජයග්‍රාහි තරගෙයේදී මෙන්ම පරාජිත තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු යොදා ගැනීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් සමඟ නායක චරිත් අසලංකත්,පුහුණුකරු සනත් ජයසූරියත් සහ තේරීම් කමිටුව දැඩි විවේචනයට ලක් වෙමින් තිබෙනවා.ඔහු එක්දින පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනයේදී දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකු වුව ද,විස්සයි විස්ස තරගවලදී ලබා දුන් අවස්ථාවන්වලින් ප්‍රයෝජනයක් ගන්නට හැකියාව ලැබී නැහැ.මේ තත්ත්වය නිසා අවසාන විස්සයි විස්ස තරගයේදී අවිශ්කගේ තැන ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙකු වන සංචිතයේ සිටින දිනේෂ් චන්දිමාල්ට හිමි විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.


පන්දු යැවීම සඳහා දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවීමටත් ඉඩ තිබෙනවා.එහෙත් මේ තරගාවලියේ දී කණ්ඩායම තේරිමේදී සැළකිල්ලට ගත් හැඩය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේනම් තෙවන තරගයටත් චාමික කරුණාරත්නම රඳවා ගන්නට ඉඩ තිබෙනවා.එහිදී චාමික ද අවිශ්කට එල්ල වෙන විවේචන පිළිබඳව සිහියෙන් තමන්ව කණ්ඩායම කැඳවීම සම්බන්ධයෙන් පිත්තෙන් සහ පන්දුවෙන් සාධාරණය ඉෂ්ඨ කර පෙන්වීමට උත්සාහ කළ යුතුව තිබෙනවා.ඇතැම් විට හුවමාරුව වැන්ඩර්සේ සහ වෙල්ලාලගේ වීමේ ඉඩක් ද පවතින බව ද සාකච්ඡාවලින් අනාවරණය වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...