බේරුවලදී මාලිමාවට සහය දුන් සජබ 6ක් එළියට!

කොළඹ LNW:බේරුවල නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ සාමාජිකයින් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එය ලිඛිතව දැනුම් දී තිබෙන අතර බේරුවල ආසන සංවිධායක ලෙස කටයුතු කරන මොහොමඩ් ජෙමිල් මරික්කාර් මොහොමඩ් ඉෆ්තිකාර් මහතාගෙන් නිදහසට කරුණු විමසීමටද තීරණය කර ඇත.

සමඟි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් උක්ත තීරණ ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

1992 න් පසු දැවැන්තම දේශපාලන පෙරළිය: සෙලවුණු ධවල මන්දිරය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: 2026 එක්සත් ජනපද මැදවාර...

බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණුව:යෝෂිත හා කරන්නාගොඩ අධිකරණය හමුවේ අද පැවසූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සිතියම්ගත කිරීමට ජාතික කාර්ය සාධක බලකායක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සියලුම පාසල්...