පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදත් විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
මේ සඳහා විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් කිහිප දෙනෙකු සහභාගි වී ඇති අතර මේ වනවිට ස්වාධීනව සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී තිබේ. ඒ අනුව ඉදිරි සතියක කාලය තුළදී නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතය.
UN