විපක්ෂය කියන කියන විදියට ඇමති හර්ෂණ ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ. මමත් ආයෙ ඇමතිකමක් ගන්නවා – කුමාර ජයකොඩි

තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජනාධිපති කොමිසමක් හරහා සිදුවන විමර්ශනයකට සහාය දීමට බවත් මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ඊට වෙනස් එකක් බැවින් හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බවත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාට චෝදනාවක් ආවාම ඔබතුමා ඉල්ලා අස්වුණා. දැන් සිරකරුවන් මැරිලා, ජේලර්වරුන් මැරිලා ඉතිහාසයේ ලොකු කළු පැල්ලමක්. ඔබතුමාට තිබුණෙ ගල් අඟුරු චෝදනාවක් විතරයි. මේක දැන් මේ මරණ ගොඩක්. ඔබතුමා විතරද ඉල්ලා අස්වෙන්න ඕනෙ, දැන් අධිකරණ ඇමති තාම පුටුවේ ඉන්නවා ?

“මම ඉල්ලා අස්වීම වෙනම තීරණයක්. මොකද ඒක ජනාධිපති කොමිසමක් හරහා විමර්ශනයක් සිදුවෙමින් පවතින මොහොතක ඒකට අවශ්‍ය නිදහස් වටපිටාව හදන්න තමා මම ඉල්ලා අස්වුණේ. මම හිතන්නෙ මීගමුව හිරගෙදර ප්‍රශ්නය එහෙම එක් නෙවෙයි. අනිත් එක එහෙම ඉල්ලා අස්වෙලා … ඔය ඔය සුන්බුන් විපක්ෂය කියන දේවල්නෙ. ඉතින් අපි ඇත්තටම ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නෙ ඒගොල්ලන්ගෙ කැමැත්ත අරන් නෙවෙයි. ඒගොල්ලො කියන දේවල් කරන්නත් නෙවෙයි ජනතාව අපිට ඡන්දය දුන්නෙත්. ඒගොල්ලො කරපු දේවල් නොකරන්න තමයි ජනතාව අපිට ඡන්දය දුන්නෙ. ඉතින් ඒක තමා අපි කරන්න ඕනෙ”

ප්‍රශ්නය – ඔබතුමා නැවතත් ඇමතිකමක් භාරගන්නවාද ?

“අනිවාර්යයෙන්ම. වගකීමක් දෙනවා නම් අපි කොයිවෙලේත් භාරගන්නවා. කොයි වගකීමත් අපිට මේ ඇමතිකමද මන්ත්‍රීකමද ඊට පල්ලෙහා එකක්ද කියන එක අපිට අදාළ නෑ. මොකද අපි මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගුවේම ජනතාවට සේවය කරන්න. අපි මේ වරප්‍රසාද ලබන්නෙ නැති හින්දා පල්ලෙහාට පල්ලෙහාට යනකොට පුද්ගලයින් හැටියට අපිට පහසුයි. ඉහළට ඉහළට යනකොට පුද්ගලිකව ගත්තොත් අපහසුයි. ඒ වුණාට ඒ දෙකම අපි ඕනෙ විදියකට භාරගන්නවා. පක්ෂය, අපේ දේශපාලන ව්‍යාපාරය අපිට දෙයක් භාරදෙන වගකීමක් විදියට කරනවා. ඒ හැර ඕගොල්ලන්ටත් දැන් තියෙන්නෙ පරණ දේශපාලකයින්ගේ භාවිතාව ගැන මතකයක්නෙ, අපි එහෙම නෙවෙයි, අපි බොහොම වෙනස්”

කුමාර ජයකොඩි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...