ගානියා බැරිස්ටර් වරද පිළිගනී. අත්හිටවූ සිර දඬුවමක් සහ ලක්ෂ 20ක් ගෙවීමට නියම කෙරේ

Date:

රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (14) දඬුවම් නියම කරන ලදී.

2019 නොවැම්බර් 25 වැනිදා කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැමිණි පස්දෙනකු විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික අතවර කර නිශාන්ත සිල්වා යන අයකුට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කර පැය කිහිපයක් රඳවා තබාගෙන මුදාහැරී බවට ඇය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබිණි.

අදාළ චෝදනාවට තමන් වැරදිකාරිය බව ඇය විසින් පිළිගැනීමෙන් අනතුරුව, පෙරවැරදි නොමැති බවට ඉදිරිපත් වූ වාර්තාව ද සලකා බලා කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඇයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.

ඊට අමතරව රුපියල් 50,000 දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් මාස තුනක සිර දඬුවමක් නියම කරන බවත් නියෝග කරනු ලැබීය.

එමෙන්ම විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද ගෙවිය යුතු බව නියම කළ විනිසුරුවරයා එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් තවත් මාස තුනක සිර දඬුවමක් ද නියම කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...