*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඩෙංගු වසංගතයක් කර නොගනිමු!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු මර්දන අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබු අතර , එම කමිටුවල මෙහෙයවීමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් දීප ව්‍යාප්තව සක්‍රීයව ක්‍රියාත්මක වන බව සඳහන් .

මෙම විශේෂඥ කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රතිශක්තීකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසක් ඇතුළත් වෙනවා.

ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසැල්, පූජණීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත් හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂිත දින වෙන් කරමින් මෙම වැඩසටහන බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙමින් පවතින  අතර අනෙකු පළාත් සඳහා ඔවුන්ට ආවේණික ගැටලු හදුනාගෙන විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දිරිමත් කරන බවද රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදීය.

ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 52,021 ක් වාර්තා වන අතර ඉන් 50% කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්  වාර්තා වී ඇත .

ඩෙංගු රෝගය පැතිරීම දේශගුණික තත්ත්වය සමඟ ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගයද මාරාන්තික තත්ත්වයකට පත් විය හැකිය.

ඩෙංගු මර්දනයේදී මදුරුවා බෝවීම වැළැක්වීම වගේම මදුරුවාට වෛරසය ලැබීම වැළැක්වීමත් ඉතා වැදගත් වෙනවා. වර්ෂාවත් සමඟ ජලය රැ‍ඳෙන ස්ථාන හඳුනා ගෙන මදුරුවන් බෝවීම වළක්වා ගැනීමෙන් වාහකයා අඩු කර ගත හැකියි. එසේම මදුරුවකු දෂ්ඨ කිරීමට ඇති අවස්ථා අඩු කර ගැනීමට ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. ජන ඝණත්වය වැඩි ස්ථානවල එක් මදුරුවකුගෙන් විශාල පිරිසකට ඩෙංගු බෝවීමට ඇති අවස්ථාව වැඩියි.

පළාත් වශයෙන් පත් කර ඇති ඩෙංගු මර්දන අනු කමිටු හරහා කඩිනම් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර  එළැඹෙන මාසවලදී දරා ගත නොහැකි තරම් රෝහල්ගත වන රෝගීන් ධාරිතාවකට නොයෑම  බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසන්නේ.

ඒ අනුව  ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතුව කොළඹ නගරය තුළ විශේෂ පවිත්‍රතා වවැඩසටහනක්  ක්‍රියාත්මක වේ. ඊට ඩෙංගු මර්දන ඒකකය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ පළාත් පාලන ආයතනය ද එක් වේ.

ඩෙංගු රෝගයට ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකු ගොදුරු විය හැකියි. වාර්තාවන රෝගීන්ගෙන් සියයට 75ක්ම වයස අවුරුදු 15 ට වැඩි අයයි. මීට පෙර කුඩා ළමුන් අතර පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක්. එම නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළදිය හැකියි.

ප්‍රධාන වශයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම ඉතා වැදගත්. පිරිසිදු ජලය ඒකරාශී වන ස්ථානවල තමයි බොහෝ විට ‍ඩෙංගු මදුරුවා රැඳී සිටින්නේ. ඉවත දමන ප්ලාස්ටික්, පරණ ටයර්, මල්පෝච්චි, පොල් කටු, තැඹිලි කෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝ වෙනවා. හැකි තරම් දුරට එවැනි ස්ථාන පිළිබඳව අවධානය යොමු කර ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීමටත් පියවර ගත යුතුයි.

‍ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවීමට නම් මදුරුවන් දෂ්ට කිරීමට ඉඩ ලබා නොදීමට පියවර ගත යුතුයි. ඒ සඳහා ශරීරය වැසෙන ලෙස ඇඳුම් භාවිතා කළ හැකියි. ඒ වගේම මදුරු විකර්ෂණ ආලේප තිබෙනවා. එමගින් ද මදුරුවන් දෂ්ට කිරීම පාලනය කරගත හැකියි. නමුත් මේ සියලුම ක්‍රම සියයට සියයක්ම සාර්ථක නැහැ.

ජලය පිරුණු භාජනවල ජලය ඉවත් කළත් මදුරු කීටයන් රැඳී සිටිය හැකියි. එම නිසා ඒවාත් හොඳින් පිරිසිදු කොට නැවත ජලය එක්රැස් නොවන ලෙස තැබිය යුතුයි. සාමාන්‍යයෙන් මදුරුවාගේ ජීවන චක්‍රය පවතින්නේ දින පහක් හෝ හයක්. ඒ නිසා සතිපතා පරිසරය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔබ සිටින අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අනිවාර්යයයෙන්ම කළ යුතු වෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම තනි පුද්ගලයකුට පමණක් කරන්න බැහැ. ඒ වගේම එය ආයතන කිහිපයකට පමණක් කරන්නත් බැහැ. මේ සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍යයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan