වාසුට විවේකයක්, තාවකාලික නව නායකයෙක් එයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ තාවකාලිකව නව නායකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව නිල වශයෙන් පත් කිරීමේ උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (16 වැනිදා) පස්වරු 2 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

සිය පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාකාරිව සිදු කිරීම සඳහා තරුණ නායකත්වයක් අවශ්‍ය බැවින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න ඒ සඳහා පත් කර ගත් බව එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි පැවසූ අතර ,විශේෂයෙන් සිය පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම මෙවැනි පත්කිරීමක් කිරීමට ප්‍රධාන හේතුව වූ බවද නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...