සටහන – නිශ්මං රණසිංහ
ජූලි 16, (LNW) කොළඹ :
ජූලි 15 වන දා පැවත්වීමට නියමිතව තිබූ රගර් නිලවරණය අධිකරණ නියෝගය පදනම් කරගෙන නොපැවත්වෙන බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් යොමු කරන ලද කෙටි පණිවිඩයකින් අදාළ අංශ වෙත දැණුම් දී තිබිණි.එය අනිවාර්යෙන් කුමන හෝ විධිමත් රාජ්‍ය පද්ධතියක සමූහ තීරණයක් බව පැහැදිළිය.අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පෞද්ගලිකව හිතූ හිතූ තීරණ ගැනීමට නොහැකිය.ඔහු සුවිශේෂී සංවේදී කාරණා සම්බන්ධයෙන් ඊට අදාළ පාර්ශවවල උපදෙස් සහ සහයෝගය ලබා ගන්නේය.ඒ අමාත්‍යංශයක් හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවක් යනු පුද්ගලයෙකුගේ අභිමතය මත දිවෙන යාන්ත්‍රණයක් නොවන බැවිනි.
ඒ නිසා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ තීරණයට පදනම් වූ නීතිමය උපදේශනය හෝ මඟ පෙන්වීම අධිකරණ තීන්දුවක් නිසා මහා සභාව පැවත්වීම වැළක්වීම අධිකරණ නියෝගයට එකඟද යන්න එම තීන්දුවට පදනම් වූ කාරණා ඔස්සේ සාකච්ඡාවට ගැනීම වැදගත්ය.
අධිකරණයෙන් ශ්‍රී ලංකාවේ රගර් ව්‍යස්ථාවට අනුව බලය පැවරුණු සහ බලය වෙනස් කිරීම සඳහා ඡන්ද බලය හිමිව ඇති බහුතරයක් 15 වන දා පැවත්වීමට තිබුණු මහා සභාව වළක්වාලීමට අධිකරණ නියෝගයක් ගෙන නැත.එහිදී සාකච්ඡාවට භාජනය කරන්නට උත්සාහ කරමින් සිටි ව්‍යවස්ථා සංශෝධනය, සාකච්ඡාවට ගැනීම වළක්වාලමින් තීන්දුව ලබා ගෙන ඇත.
එහිදී ද රගර් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විරෝධයක් වෙනුවට ඔවුන් පෙන්වා දී ඇත්තේ එම කාර්යය නිලවරණයෙන් පසුව පත්වන රගර් සංගමයට පැවරිය යුතු වගකීමක් හැටියටය.එහිදී රගර් සංගමයට පැවරෙන වගකීම අමාත්‍යංශය පවරා ගැනීම යනු යම් දේශපාලන බලපෑමක් ලෙස අරුත් ගැන්වෙන බව ද මෙහිදී පැහැදිළි කර දී ඇත.එය ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තියට එරෙහිවීමක්ය.
මේ ව්‍යවස්තා සංශෝධනය කළ යුත්තේ රගර් පරිපාලනය විසින්ය.එම කාරණය පවතින බල ව්‍යහුය යටතේ සිඳු කිරීම පමා කරමින්,නිලවරණය නොපවත්වා යම් කිසි ආකාරයකින් අනිසි ලෙස බලයේ රැදී සිටීම සම්බන්ධ ඉඟීද සහිතව ක්‍රීඩා අමාත්‍යවරයාට කළ කරුණු දැන්වීමෙන් පසුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලය පවරමින් රගර් සංගමය විසුරුවා හැරිය බව ප්‍රකටය.අමාත්‍යවරයා තනිව සිතා බලා කළ විසුරුවා හැරීමක් හැටියට එය හැඳින්විය නොහැක්කේ ඔහුට විරෝධතා ඉදිරිපත් වීමෙන් පුසව කළ බැවින්ය.එවැනි තත්ත්වයක යළි එම පාලනයේම වගකීම් ඉටු නොකළ පුද්ගලයාම පහසුකම් සපයන්නා ලෙස පත් කිරීමම සදාචාරාත්මකව ගැටළු මතු කරන්නේය.එම පත් කිරිමට ද පළාත් සංගම් එකඟ වී නැත.
අප මීට පෙර ද පෙන්වා දී ඇති පරිදි ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් උපදෙස් දෙන්නේ හෝ සංශෝධන අපේක්ෂා කරන්නේ රටක ක්‍රීඩාව තව දුරටත් ව්‍යාප්ත කළ හැකි ආකාරයට බලය සහ ක්‍රීඩාවේ පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණෙන්ය.රටක යම් කිසි ප්‍රදේශයකට බහුතර බලයක් ඇති වන පරිදි හෝ එම ක්‍රීඩාවේ නියැලෙන පිරිසකට බලයක් ඇතිවන පරිදි ලෝක සම්මේලනයක් තීරණ ගන්නේ නැත.දැනට පවතින ව්‍යවස්ථාවද ඒ ආකාරයට ජාත්‍යන්තරයෙන්ම ලැබුණු සහය මත, තිබුණාට වඩා බලය විමධ්‍යගත වන පරිදි සැකසි එකකි.එසේනම් වර්ථමානයේ විය යුත්තේ එදාටත් වඩා,, වඩාත් විධිමත්ව බලය සහ පහසුකම් ව්‍යාප්ත කළ යුතු ආකාරයට ව්‍යවස්ථාව සැකසීමය.එසේ නොකොට ලෝක සම්මේලනයක්,රගර් ක්‍රීඩා සමාජ කිහිපයකට ඔවුන් පළමු පෙළ රගර් ක්‍රීඩා කරන නිසා වැඩි බලයක් ලැබෙන ලෙස ව්‍යවස්ථාව වෙනස් කරන්නට යෝජනා කරයිද?
රටේ ක්‍රීඩාව සම්බන්ධ ප්‍රතිපත්ති සකස් වෙමින් පවතින්නේ ද ග්‍රාමීය ක්‍රීඩාවට බලයක් සහ පහසුකම් සැපයෙන ආකාරයට සහ එම අවශ්‍යයතාව තේරුම් ගෙන නම්,ලෝක සම්මේලනයේ නියෝජිතයා ලෙස පැමිණි ඩේවිඩ් කැරිගි පවසනාකාරය රටේ ක්‍රීඩා ප්‍රතිපත්තියට අනුව ක්‍රීඩාවේ ව්‍යාප්තිය අපේක්ෂා කරන ආකාරය නොවන බව පැහැදිළි කළ යුතුව තිබිණි.එසේම එම කාර්යය ක්‍රීඩා අමාත්‍යංශය හෝ සංවර්ධන දෙපාර්තමේන්තුව කළ යුතුව තිබුණේ එය තමන් වෙත පවරා නොගෙන (ඩේවිඩ් කැරිගි එසේ පවරන්නේනම් එයද වැරදිය) රගර් පරිපාලනයේ පවතින ව්‍යවස්ථාවට අනුව බල ව්‍යහුයේ බහුතර කැමත්තෙන් අවශ්‍යය පරිදි ලෝක සම්මේලනයේ අදහස් ද සැළකිල්ලට ගෙන සංශෝධනය කර ගන්නා ලෙස අවශ්‍යය උපදෙස් දීමය.
දැන් ලෝක සම්මේලනයේ නියෝජිතයාගේ ඉල්ලීම අනුව සිඳු කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ලෝකයේ කොහේවත් සිඳු නොවන ආකාරයට රටේ සමස්ත රගර් ක්‍රීඩාව පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවල බලයෙන් හසුරුවාලිය යුතු බව පැවසීමය.ඩේවිඩ් කැරිගි අවධානය යොමු කර නැති දේ මොනවාද?
සදාකාලිකව මේ ක්‍රීඩා සමාජ පමණක් පළමු පෙළ ක්‍රීඩා කරන්නේ ඇයි? පළමු පෙළ තරගාවලිවල අන්තිමට වැටෙන ක්‍රිඩා සමාජය දෙවන පෙළට ගෙන දෙවන පෙළ මුලට එන ක්‍රීඩා සමාජය පළමු පෙළට ගන්නේ නම් වසරින් වසර පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ වෙනස් වන්නේය.වැඩි අවස්ථාවක් වැඩි දක්ෂයන් ප්‍රමාණයක් සමඟ ක්‍රීඩාව පෙරට ගෙන යාමට ලෝක සම්මේලන නියෝජිතයා යෝජනා කළ යුතුව තිබුණේ එවැනි ව්‍යහුයක්ය.
රටේ රගර් පරිපාලනය යනු ණය සංගමයක්ය.ඒවා සිඳු වී ඇත්තේ කුමක් නිසා ද?වගකිවයුතු අය පත් වී ඇත්තේ කුමන ක්‍රීඩා සමාජ හරහා ද? සංවර්ධනය සඳහා රටට ලැබෙන මුදල් හිටපු නිලධාරීන්ගේ වැරදි තීරණ නිසා ගෙවන්නට වූ දඩයට හිලව් ලෙස කපා හරින්නට එකඟ වූ නිලධාරියා ද ඩේවිඩ් කැරිගි ය.එසේ දඩ ගෙවන්නට සිඳු වූ තීරණ ගත් නිලධාරීන් මේ පරිපාලනයට පැමිණ ඇත්තේ කුමන ක්‍රීඩා සමාජ හරහා ද? මේ ආකාරයට සංවර්ධණයට ලැබෙන මුදල්වලින් දඩ ගෙවන්නට තීරණය කරපු නිලධාරීන්,ණය කරපු නිලධාරීන් මේ පරිපාලනයට ඒම නැවතීමට ඔබේ රටේ ක්‍රීඩා නීතිය යටතේ අවශ්‍යය පියවර ගැනීම වැදගත් යැයි ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දීම වෙනුවට ඩේවිඩ් කැරිගි එවැනි පිරිස් නිෂ්පාදනය කරන්නට තව තවත් එම ව්‍යහුයම ශක්තිමත් කරන්න යැයි යෝජනා කිරිම කෙතරම් හාස්‍යජනකද සහ විකාරරූපී ද?
ලෝක පාලක නියෝජිතයා ලෝක විහිළුවක් කර විහිළුවකට ඕනෑ හැටියට රටේ ක්‍රීඩාවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනය,නිලධාරී සහ අමාත්‍යවරයා ද සිය නූලේ ගැටගසා රූකඩ තත්ත්වයට පත් කිරීම වැළක්වීමට ඩේව්ඩ් කැරිගිගේ සීමාව නීත්‍යානුකූලව පෙන්වා දී වැඩ කරන්නට සමත් නීති අංශයක් ක්‍රීඩා අමාත්‍යංශයට තිබිය යුතුය.ලෝක සම්මේලනයම දේශපාලන අත පෙවීම් මත ක්‍රීඩා සම්මේලන තහනම් කරන්නේනම්,ඔවුන්ම රටේ ක්‍රීඩාවේ දේශපාලන නියෝජනය හැටියට ගත හැකි අමාත්‍යවරයාගේ නායකත්වයෙන් පවතින ක්‍රීඩා අමාත්‍යංශයට හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවට හෝ රටේ ක්‍රීඩාවක ව්‍යවස්ථාව වෙනස් කරන්නට යෝජනා කිරීම පුදුම සහගත නැද්ද?
රටේ ක්‍රීඩාවක ස්වාධීනත්වයට බලපෑම් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයට ඇති ඉඩ වැසිය යුතු බව යෝජනා කරන ලෝක සම්මේලන,රටේ ක්‍රීඩාවක ප්‍රතිපත්තිමය කාරණා තමන්ගේ සංගමයට අනුව වෙනස් කරන්නට යෝජනා කරන්නේද නැත.නිලවරණයකින් පත්වන සංගමයක ආයු කාලය,ක්‍රීඩාවේ නීති රීති පොදු බවට පත් කිරීම හැරෙන්නට ඒ රාටේ පොදු ක්‍රීඩා ප්‍රතිපත්තිය මෙන්ම ඒ රටේ ක්‍රීඩා සංගම් විසින් ඇති කර ගෙන තිබෙන ව්‍යවස්ථාමය කාරණාවලට බලපෑම් කරන්නට ලෝක සංගම්වලට නොහැකිය.නිකමට කුමන හෝ සංගමයක බලය මෙන්න මේ පිරිසට ලැබෙන විදිහට වෙනස් කරන්න කියා ලෝක සම්මේලනයක් ඇවිත් කියනවානම්,එය දැණුම් දෙන්නේ අමාත්‍යංශයටනම් අමාත්‍යංශය පැත්තෙන් කළ යුත්තේ කුමක්ද?
“අපට ඔබේ ලෝක සම්මේලනය විසින්ම,දේශිය ක්‍රීඩා සංගම්වලට බලපෑම් කිරීම නුසුදුසු බව දන්වා,රටේ ක්‍රීඩාව තහනම් කර තිබියදී, ඔබේ නියෝජිතයා පැමිණ එහි ව්‍යවස්ථාව වෙනස් කිරීමට අපට කරන යෝජනාව පරස්පර තත්ත්වයකි.පවතින තත්ත්වය හකුළුවා,පළමු පෙළ තරග ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ කිහිපයකට බලය පැවරීමට යෝජනා කිරීමද විශ්වාස කළ නොහැකිය.එම ක්‍රීඩා සමාජ රටේ සෑම පැත්තකින්ම සිඳුවන නියෝජනයක් නොවන අතර වැඩි ප්‍රමාණයක් අග නගරයේ කිලෝ මීටර් කිහිපයක දුර ප්‍රමාණයකට අයත්ය.”
ඒ දැණුම් දිය යුතු කරුණුය.එසේම එම ක්‍රීඩා සමාජ බහුතරයක් පළමු පෙළ පමණක් ක්‍රීඩා කරන අතර දෙවන පෙළ සහ අනෙකුත් ක්‍රීඩාව පවතින ලීග මත වසරකට පාසල් රගර් ක්‍රීඩාවෙන් එළියට එන තරුණ කණ්ඩායම් ක්‍රීඩාව මත රඳවා ගැනීම සඳහා කරන සේවය නිසා නොවන්නට මේ පළමු පෙළ ක්‍රීඩා සමාජවලට දක්ෂයන් රඳවා ගැනීමේ වැඩි ඉඩක් නැති බවද කියන්නට තිබිණ.මේ කිසිවක් බොරු නොවේය.
එසේම නිවැරදි අධ්‍යයනයකින් කටයුතු කරන්නේනම් ජාත්‍යන්තර සම්මේලනයෙන් රටේ ක්‍රීඩාව සංවර්ධනයට ලැබෙන මුදලින් විශාල ප්‍රමාණයක් කැපී ඇති අතර ඊට හේතුව ලෝක සම්මේලනය විසින් පනවන ලද දඩය එම සංවර්ධන අරමුදලෙන් කැපි යාම ලෙස ද පෙන්වා දිය හැකිය.එවිට ඔවුන් එම වරදට අදාළ පිරිසගෙන් එම මුදල අයකර ජාත්‍යන්තර සම්මේලනයට ලබා දුනහොත් කැපී ගිය මුදල නැවත ලබා දිය හැකි බවද කියනු ඇත.සිඳු නොවන්නේ එයය.
තවත් ආකාරයකින් මේ තත්ත්වයන්ට අමාත්‍යවරයාට මඟ පෙන්නීම පැවරුණු සියලු දෙනා පිටියට බැසිය යුතුව ඇත.මගේ කොටස නීතිය මගෙ කොටස සැළසුම්,මගේ කොටස ප්‍රතිපත්ති ලෙස වායු සමනය කළ කාමරවල කළ හැකි කාර්යයක් ක්‍රීඩාවල නැත.එසේත් නැත්නම් ප්‍රභූ හිතවත්කම් පුළුල් කර ගත හැකි අවන්හල් නඩත්තු කරන පළමු පෙළ ක්‍රීඩා සමාජවලට ගොඩ වී කරන සාකච්ඡාවලින් ද ක්‍රීඩාවේ ඇත්ත දුක්කම්කටොළු දැන ගන්නට ක්‍රමයක් නැත.සබඳකම් අමතක කර පෞද්ගලිකත්වය අමතක කර සිතිය හැකිනම් ඇත්තටම රගර් වෙනුවෙන් යහපත් තීරණ ලෙස ගත යුත්තේ මොනවාද?
අපට සිතෙන ආකාරයට පහත කරුණෙන් පටන් ගැනීම වැදගත්ය.එවිට බොහෝ අන වින කොඩිවින කපා දැමිය හැකි වනු ඇත.
පවුම් 50000 ක දඩයකට යටත් කිරීම සහ එම දඩය ජාත්‍යන්තරයෙන් ලැබෙන සංවර්ධන ආධාරවලින් අඩු කිරීමට දැණුම් දුන් පාලකයන් කරන ලද වරද වෙනුවෙන් දඬුවමක් ලබා දීම සහ එම මුදල් නැවත වැරදි තීරණය ගත් නිලධාරීන්ගෙන් අය කර ගැනීමට කටයුතු කිරීම.
එහෙත් මේ සඳහා වන නීතිමය තත්ත්වයන් මත ඉහළට උපදෙස් දීම, මඟ පෙන්වීම වෙනුවට සිඳුවෙමින් පවතින්නේ ඒවාට සම්බන්ධ අයගේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමඳ යන්න සැක සිතෙන තරමට කරුණු සිද්ධවෙමින් පවතින්නේය.එවා මහක්මා වචනවලින් වසා දමන්නට හැදුවාට එළියට ඒම වළක්වන්නට ද නොහැකිය.
15 වන දා මහා සභාව නොපවත්වන ලෙස කිසිඳු තීන්දුවක් අධිකරණයෙන් ලබා නොදී තිබියදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එම මහාසභාව නොපවත්වන ලෙස අධිකරණ තීන්දුවේ නැති පෙළඹීමක් සහ උපදේශයක් ලැබුණේ කොතනින් ද?නව ව්‍යවස්ථාවක් පවතින රගර් ව්‍යවස්ථාව යටතේ සැකසීමට ඉඩ නොදී, අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලපෑම යටතේ කර ගැනීමේ උවමනාව ඇති පිරිසක් එම උපදේශනයන් සහ මඟ පෙන්වීම් හී සිටීද? ක්‍රීඩාවට පලදායී වැඩ කොටසක් කරමින් සිටින මොහොතක අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ තනතුර නීතිමය වශයෙන් යම් අභියෝගයකට ලක් කිරීමට ඔහුගේ තීරණ සහ ක්‍රියාකාරකම්වලින් රිඳුණු පිරිසක් මේවා පිටුපස සිටිනවා විය හැකිද?
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතට වැටෙන සෑම ක්‍රීඩාවක්ම ලෝකයේ පහසුකම් අන්තිමටම පිරිහුණු තැනෙක සිටින දක්ෂයා ද සොයා ඔහුගේ ක්‍රීඩා හැකියාව ද ලෝකයට විවර කරන්නට විවිධ මාර්ග ගැන සංවේදී වෙමින් සිටින මොහොතකි.ලිංගිකත්වය,දේශ සීමාව යන කිසිවක් දක්ෂතාවයට අදාළ නොවන ලෙස ලෝකයේ ක්‍රීඩාවේ මානයන් පුළුල් කරමින් ඇත.එවැනි වටපිටාවක ලෝක සංගමයෙන් පැමිණ, රටේ ක්‍රීඩාවක් ක්‍රීඩා සමාජ කිහිපයක උවමනාවන්වලට හසුරුවන්න යැයි උපදෙස් දීම,ලෝකයට සාපේක්ෂව ගෙන නීතිමය වශයෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්‍රශ්න කරන්නට හැකි වටපිටාවක් ක්‍රීඩා අමාත්‍යංශයට,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට අහිමිව තිබීම කණගාටුදායකය.
හෝටලයක් කෙතරම් අලංකාරයට,සුඛෝපභෝගී පහසුකම් සමග තිබුණත්,එහි ලාභය හා පැවත්ම තීරණය වන්නේ කුස්සියේ ආහාර පිසින කෝකියන්ගේ හැකියාව අනුවය. කවුරු හෝ හෝටල් හිමිකරු සමඟ හිතේ අමනාපයකින් පසු වන්නේනම් කෝකියන්ව අල්ලා ගෙන හෝටලය වසා දැමිය හැකිය.මේ හෝටල් කතාව ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩි පුර සිතිය යුතුය.
www.sportwaynews.com වෙත පිවිස තවත් ක්‍රීඩා තොරතුරු නරඹන්න.
