ජූලි අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට දිනය ප්‍රකාශ කරනවා – මැතිවරණ කොමිසම

Date:

කොළඹ LNW: ජූලි මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද (16) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව කියා සිටියේ.

ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය නම් කිරීම සඳහා වෙනත් කිසිදු හේතුවක් බලනොපාන අතර ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බවයි රත්නායක මහතා පවසන්නේ.

ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන දිනයේ සිට දින 16ත් – 21ත් අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සිදුකළ යුතු අතර නාමයෝජනා භාරගැනීමේ දිනයේ සිට සති 4ත් – 6ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද සභාපතිවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...