නව ජල ගාස්තු සූත්‍රය පිළිබඳව කැබිනට් අනුමැතිය !

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සුත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය පසුගිය අප්‍රේල් 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලද අතර එහිදී අදාල සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ඇතුළත් කරමින් නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ඉදිරිපත් කිරීමට නියම කර ඇත. 

ඒ අනුව සකස් කරනු ලැබ ඇති සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බූමරංග කුලරත්න ….

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට තියෙන චෝදනා දැක්කම හිනා යනවා. පත්වීම ගන්න...

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...