ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත කෙටුම්පතට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදය සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩලය සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණි.

2024 ජූලි 09 වනදා පැවති කැබිනට් රැස්වීමේදී එම අනුමැතිය දී තිබේ.

ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කළ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති බව වාර්තා වෙයි.එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒකාබද්ධ ව ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පරණගම රහස් ඡන්දයක් පවත්වයි. බලය මාලිමාවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික...

ආසියානු සටනට යන වෙරළ වොලිබෝල් යෞවනයන් තේරීම ජූනි 25 දා මීගමුවේදී

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 31...

W15 හෝටලයට වෙඩිතැබීම : ඇන්ස්ලම් ද සිල්වා නෙවිල් ද සිල්වාට එරෙහිව සාක්ෂි දෙයි !

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ...

අද (12) දවසේ මිමී. 100 ට වැඩි තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 12) දිනයේදී බස්නාහිර, සබරගමුව,...