කොහොමද ලොහාන් අනුරට කරන අභියෝගය!

Date:

කොළඹ LNW:තමන් දේශපාලනයේ නිරතව සිටින තාක් කල් අනුර කුමාර දිසානායකට මේ රටේ ජනාධිපති වීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අවධාරණය කරයි.

අනුර දිසානායක මහතා අවුරුදු 24ක් දැන් පාර්ලිමේන්තුවේ සිටින අතර දැන් වෙනසක් කරන බව පැවසුවද අවුරුදු 24පුරාවට කළ දෙයක් නොමැති අතර ජනතාව වෙනුවෙන් බෝක්කුවක් හෝ පාරක් හෝ ඉදි කර නැති බව රත්වත්තේ මහතා කියා සිටියි.

ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තමන් ඔහුට පක්ෂව ඡන්දය දුන්නේ දෙගිඩියාවෙන් බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට කිසිදු සැකයකින් තොරව තමන් වික්‍රමසිංහ මහතාව අනුමත කරන බවයි තවදුරටත් කියාසිටින්නේ.

මහනුවර පැවති ජනහමුවකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ.

ඊට මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්ව සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...