ඉන්දු – කාශ්මීර වෙඩි හුවමාරුවකදී ඉන්දියානු සොල්දාදුවන් සිවු දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාව විසින් පාලනය කරන කාශ්මීරයේ ජම්මු කොට්ඨාශයේ දකුණු දෝඩා දිස්ත්‍රික්කයේ වනාන්තරවල භට පිරිස් හා ඉන්දියානු හමුදාව අතර ඇති වූ ගැටුම් හේතුවෙන් අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් සිවු දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කාශ්මීර කොටි ලෙස හඳුන්වන කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර මෙය වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ මාරාන්තික ප්‍රහාර මාලාවක නවතම අවස්ථාවයි.

පසුගිය සතියේ, සටන්කාමීන් හමුදා වාහනයකට සැඟවී සිට දියත් කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් සොල්දාදුවන් පස් දෙනෙකු මියගිය අතර ජුනි මාසයේදී හින්දු බැතිමතුන් රැගත් බස් රථයකට ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියහ. මෙම සිද්ධියත් සමඟ මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශයේ ඉන්දීය පාර්ශවයෙන් මේ වසරේ මියගිය සොල්දාදුවන් සහ පොලිසිය සංඛ්‍යාව 17 දක්වා ඉහල ගොස් ඇත.

මියගිය ය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කරමින් පසුවන බවයි.

කෙසේ නමුත්, ඉන්දියාව සහ පකිස්ථානය යන දෙකම කාශ්මීරයට සම්පූර්ණයෙන් හිමිකම් කියන නමුත් එය පාලනය කරන්නේ අර්ධ වශයෙනි.

1989 සිට සන්නද්ධ කණ්ඩායම් කාශ්මීරයේ ස්වාධීනත්වය හෝ අසල්වැසි පාකිස්තානය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා සටන් කර ඇති අතර මේවන විට ගැටුමේදී සිවිල් වැසියන්, කැරලිකරුවන් සහ රජයේ හමුදා දස දහස් ගණනක් මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...