අද චන්දිමාල්ටයි – කමිඳුටයි දෙන්නටම ඉඩ – සනත්ගෙන් ඉඟියක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 16, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වෙනවා.එම තරගය සම්බන්ධයෙන් ඊයේ (ජූලි 15) වන දා පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ප්‍රකාශ කළ කරුණුවලට අනුව අද තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙණ්ඩිස් දෙදෙනාම අද තරගයේදී ක්‍රීඩා කරනු ඇතැයි සිතිය හැකියි.


විශේෂයෙන්ම අවිශ්ක ප්‍රනාන්දු යොදා ගැනීම සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීම්වලට පිළිතුරු දෙමින් සනත් ප්‍රකාශ කළේ ඔහු සමඟ නිරන්තර සාකච්ඡාවක පසුවන බවත්,ඔහුට උපකාර කළ යුතුව ඇත්තේ තරගයට සුදුසු පරිදි මානසිකත්වය සකසා ගැනීම වෙනුවෙන් බවත් ය.


අද තරගයේදී ඉකුත් තරග දෙකේදීම පන්දු නොයවන ලද චරිත් අසලංක ද යොදා ගැනීමට හැකි බවත්,කමිඳුගේ පැමිණීමක් සිඳු වුවහොත් ඔහු ද පන්දු යැවීමට හැකි අයෙකු බවත් සනත් පෙන්වා දුන්නා.එසේම දිනේෂ් චන්දිමාල් දීර්ඝ කාලයකින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කර නොමැති බව මාධ්‍යය පෙන්වා දුන්නත් සනත් පැවසුවේ ඔහු ඕනෑම අවස්ථාවක කණ්ඩායම විසින් පවරනු ලබන වගකීමට සාධාරණය ඉටු කරන්න සූදානමින් සිටින ක්‍රීඩකයෙකු බවයි.ඒ අනුව අද කණ්ඩායම ඔහුට පවරන අංක 1,2,3 හෝ 4 ස්ථානයක දී ඔහුට ක්‍රීඩා කරන්නට විශාල ඉඩක් ඇති බව ද සනත් පවසා සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...