රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ LNW:
පසුගියදා පැවැති ඒෂියා මිරැකල් එවෝඩ්ස් 2025 (Asia Miracle Awards 2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ෆැෂන් බග් ගෞරව සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකීය ඇඟළුම් අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන විලාසිතා හඳුන්වාදෙමින් ජනතා විශ්වාසය දිනා සිටින ෆැෂන් බග් සතු උසස් තත්ත්වය, නව්‍යකරණය හා විශිෂ්ඨ පාරිභෝගික සේවා සංස්කෘතිය මෙම සම්මානය තුලින් නැවත වතාවක් තහවුරුවූයේ ආයතනික ගමන්මග තුල තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතිය පිළිබඳ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, MUGP International හි විධායක අධ්‍යක්ෂ ඒ. කේ. නිරෝෂන් මාධව සහ ප්‍රවීන රංගන ශිල්පිනී ජයංගනී දික්කුඹුර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් සම්භාවනීය මඬුල්ලක් වෙතින් වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමයට හිමි Best Retail Textile Brand of 2025 ගෞරව සම්මානය පිරිනැමින. ෆැෂන් බග් සහකාර සාමාන්‍යාධිකාරී සෙල්වින් සලේ මහතා සමාගම වෙනුවෙන් එම සම්මානය ලබා ගත්තේය.
ෆැෂන් බග් අධ්‍යක්ෂ ෂබීර් සුබීයන් මහතා මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් “ආයතනික වටිනාකම් රැකගෙන දිනෙන් දින සාර්ථකත්වය වෙත ගමන් කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරන ෆැෂන් බග් කාර්යමණ්ඩලයේ සාමූහික ප්‍රයත්නය මෙම සම්මානය හිමිකරගන්නට හේතු වූවා. Best Retail Textile Brand of 2025 සම්මානය ඇඟළුම් විකුණුම් ක්ෂේත්‍රයේ නව මානයන් කරා ගමන් කරමින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදෙන්නට අපට ලැබුණ සුවිශේෂී දිරිගැන්වීමක්.” යැයි පැවසීය.
LMD’s Brands Annual 2025 සන්නාම වර්ගීකරණය යටතේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ඨතම වෙළෙඳ සන්නාම 50 අතර ඇඟළුම් අලෙවිසැල් කාණ්ඩයේ ඉහළින්ම රැඳී සිටින්නට ෆැෂන් බග් සමත්ව සිටියි. පසුගියදා පිරිනමන ලද මෙම Best Retail Textile Brand of 2025 සම්මානය තුළින් ෆැෂන් බග් විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු වී ඇත.
ඡායාරූප විස්තරය: (වමේ සිට දකුණට) ෆැෂන් බග් ඉගෙනුම් හා සංවර්ධන කළමනාකාර මලීන් භාතිය මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී සෙල්වින් සලේ මහතා විසින් Best Retail Textile Brand of 2025 සම්මානය ලබාගත් අවස්ථාව

